මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගී ප්‍රහාරක යාත්‍රා නිෂ්පාදනය සම්බන්ධව ශ්‍රී ලංකාව ලොවපුරා ප්‍රකට වෙමින් පැවතීම සතුටට කරුණක්

    මැයි 30, 2015

     

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්

     

    A solar marine 05අධිවේගී ප්‍රහාරක යාත්‍රා නිෂ්පාදනයේ නිරත මෙරට ප්‍රමුඛතම සමාගමක් වන සෝලාස් මැරයින් ලංකා සමාගමේ (Solas Marine Lanka (Pvt) Ltd) නිෂ්පාදන අංගනය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

    මෙරටට අතිවිශාල විදේශ විනිමයක් උපයා දෙන අදාල සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය හා අපනයන කටයුතු අධීක්ෂණය කිරීමත්, එහිදී ඔවුන් මුහුණ පාන ගැටළු සඳහා රාජ්‍ය සහයෝගය ලබාදිය හැකි ආකාරය සොයා බැලීමත් මෙම චාරිකාවේ අරමුණ විය.

     

    ධීවර බෝට්ටු හා මුහුදු නිරීක්ෂණ බෝට්ටු නිෂ්පාදනයේ වසර හතක අත්දැකීම් සහිත සෝලාස් සමාගමේ වත්මන් ප්‍රමුඛතම නිෂ්පාදනය වන්නේ සමුද්‍රාරක්ෂක හා වෙරළාරක්ෂක හමුදා සඳහා භාවිතා වන අධිවේගී ප්‍රහාරක යාත්‍රා නිෂ්පාදනයයි. මෙම සමාගම මේ වන විට, ඉන්දීයාව ඇතුළු රටවල් විශාල ගණනකට ප්‍රහාරක යාත්‍රා සැපයීම සිදුකරනු ලැබේ. මීට අමතරව ඕමානය, මාලදිවයින, දකුණු අප්‍රිකාව, නයිජීරියාව, බ්‍රසීලය ආදී රටවල්ද, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව හා යුරෝපා රටවල් රැසකටද මෙම යාත්‍රා අපනයනය කෙරේ.

     

    සෝලාස් සමාගමේ මෙම අධිවේගී ප්‍රහාරක යාත්‍රා නොට් 50 කට වැඩි වේගයක් සහිත වන අතර, එය මීට පෙර ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩෝරා ප්‍රහාරක යාත්‍රාවල ගමන් වේගයද ඉක්මවන අගයකි. එමෙන්ම මෙම යාත්‍රා වල සුවිශේෂීත්වය වන්නේ මෙය ගැඹුරු මුදුදේ මෙන්ම නොගැඹුරු වෙරළාසන්න මුහුදේ පවා හැසිරවීමේ පහසුකම් සහිත වීමයි. දැනට ලොව බොහෝ නාවුක ආරක්ෂක අංශ භාවිත කරන ප්‍රහාරක යාත්‍රා වල වැඩි වශයෙන් යොදාගෙන ඇත්තේ, පොප්ලර් හෝ පිටත ඇන්ජිම සහිත ප්‍රහාරක යාත්‍රා වන අතර, සෝලාස් ප්‍රහාරක යාත්‍රා සඳහා යොදාගෙන ඇත්තේ ඇතුළත ඇන්ජිම සහිත වෝටර් ජෙට් තාක්ෂණයයි. ඒ හේතුවෙන් ගැඹුරු මුහුදේදී වැඩි වේගයක් ලබාගැනීමටත්, නොගැඹුරු මුහුදේ හැසිරවීමේ පහසුකමත් ලැබී තිබේ.

     

    අග්නිදිග ආසියාවේ දැනට නිෂ්පාදනය කෙරෙන හොඳම අධිවේගී ප්‍රහාරක යාත්‍රා ලෙස නමක් දිනා සිටින මෙම යාත්‍රාවල දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීත් සාර්ථකව නිරීක්ෂණ කටයුතු සිදුකිරීමටත්, නිවැරදි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහාත් අවශ්‍ය අධිතාක්ෂණික මෙවලම් හා කැමරා පද්ධති වලින් සමන්විතය. එමෙන්ම රේඩාර්, ජී.පී.එස්. මෙන්ම අධිසංවේදී උපකරණ රැසක්ද ඇතුළු සියළු නාවුක අංගෝපාංගයන්ගෙන්ද සමන්විත වේ.

     

    අමාත්‍ය, බදියුදීන් මහතා මෙහිදී පවසා සිටියේ, ධීවර හා සංචාරක කර්මාන්තයන්ට අදාල යාත්‍රා නිෂ්පාදනයට නමක් දිනා සිටි ශ්‍රී ලංකාවේ සමාගම් දැන් දැන් ප්‍රහාරක යාත්‍රා නිෂ්පාදනය සම්බන්ධයෙන්ද ලොවපුරා ප්‍රකට වෙමින් පැවතීම සතුටට කරුණක් බවයි. තවද, වැඩි විදේශ විනිමයන් රටට ගෙන එන මෙවැනි දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය සහායන් ලබාදීමට තම අමාත්‍යාංශය හා රජය නිරන්තරයෙන් කැපවන බවද අමාත්‍යවරයා පැවසීය.

     

    2014 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා වූ පසුගිය වසර තුළ බෝට්ටු නිෂ්පාදන අංශයෙන් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 86.26 ක් ලද බැව් සිහිපත් කළ බදියුදීන් මහතා, එය පෙර වසර හා සන්සන්දනය කිරීමේදී 5.20% ක වර්ධනයක් බවද පැවසීය. මෙම වසරේ එම ආදායම තවදුරටත් වර්ධනය කිරීම තම අපේක්ෂාව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    සෝලාස් මැරයින් සමාගමේ සාමාන්‍යාධිකාරී, එස්.ඩී.ප්‍රේමතිලක මහතා පැවසුවේ, මේ වන විට ලොව ප්‍රබල මට්ටමේ නාවික හමුදාවක් සඳහා මෙම අධිවේගී ප්‍රහාරක යාත්‍රා 80 ක් නිෂ්පාදනය කොට සැපයීම සඳහා ඇණවුමක් ලැබී ඇති බවත්, ඉන් 44 ක් දැනටමත් එරටට භාරදී ඇති බවත්ය. එමෙන්ම අදාල ඇණවුම වෙනුවෙන් වූ ටෙන්ඩරය සඳහා රටවල් 200 කින් ටෙන්ඩර්පත් ඉදිරිපත්ව තිබූ බවත්, ඒවා අභිබවමින් ශ්‍රී ලංකාවට අදාල ඇණවුම ලැබුණේ මෙම යාත්‍රාවල තාක්ෂණික හා කාර්ය්‍යක්ෂමතා මට්ටම ඉහළ අගයක පැවති නිසා බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya