ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිර යාම පිළිබඳව වත්මන් තත්ත්වය පැහැදිළි කිරීම සඳහා අද (27) කොළඹ, වසංගත රෝග විද්‍යා අංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවසී ය.
පසුගිය ජනවාරී මස සිට මේ දක්වා ආසාදනයට ලක් වූ රෝගීන් 143ක් වාර්තා වී තිබෙනවා. වසර ඇතුළත රෝගීන් 07ක් මරණයට පත් වී තිබෙන බව වාර්තා වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝගය පැතිරීම වැළැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව පැවසූ වෛද්‍ය පාලිත මහීපාල මහතා, සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව පැවසී ය.ප්‍රතිකාර සඳහා රෝහල් සූදානම් බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ ය.
මේ වන විට අත්‍යාවශ්‍ය සියලු සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ රෝහල්වෙත බෙදාහැර ඇති බවත් ප්‍රතිකාර සඳහා සියලු රෝහල් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් වෛද්‍ය පර්යේෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය පැය 24 පුරා ක්‍රියාත්මක බවද පැවසී ය.
රෝගය නිසා සංකූලතා ඇතිවිය හැකි කණ්ඩායම් සිටිනවා. වයස අවුරුදු 02ට අඩු දරුවන්, ගැබිණි මව්වරුන්,වයස් ගත අය, නිදන්ගත රෝගවලින් පෙළෙන අය මේ රෝගය නිසා සංකූලතාවලට ලක්විය හැකි බවද වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු වන ලෙස වෛද්‍ය පාලිත මහීපාල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.