ශ්‍රී ලාංකේය රාජ වංශයේ ශ්‍රේෂ්ඨතම නරපතියෙකු වන දුටු ගැමුණු මහ රජුන් ගේ පිළිරුව අභියස සිට ජාතිය අමතන්නට අවස්ථාව ලැබී තිබෙන්නේ මේ රටේ බහුතරයක් ජනතාව විසින් මට ලබාදුන් ඓතිහාසික ජනවරම නිසයි. අද මා ඔබ හමුවන්නේ අප සියලු දෙනාම ආදරය කරන මේ මවුබිමේ විධායක ජනාධිපතිවරයා, සේනාධිනායකයා මෙන්ම ඔබේත් ඔබේ දූ දරුවන්ගේත් ආරක්ෂාවේ වගකීම බාරගන්නා ආරක්ෂක ඇමතිවරයා වශයෙනුයි.