අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අමාත්‍ය මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

    මැයි 01, 2018

    නව අමාත්‍ය මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.නව අමාත්‍ය මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.නව අමාත්‍ය මණ්ඩලය අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    නව කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකු මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ.
    ඔවුන්ගේ නම් සහ අමාත්‍යාංශ පහත පරිදි වේ.

    01. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය
    02. ආචාර්ය සරත් අමුණුගම මහතා – විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට                                                           උරුමය පිළිබඳ අමාත්‍ය
    03. එස්.බී. නාවින්න මහතා – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය
    04.  මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය
    05. දුමින්ද දිසානායක මහතා – වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය
    06. විජිත් විජියමුණි ද සොයිසා මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය
    07. පී. හැරිසන් මහතා – සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය
    08. කබීර් හෂීම් මහතා – මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය
    09. රංජිත් මද්දුමබණ්ඩාර මහතා – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය
    10. තළතා අතුකෝරළ මහත්මිය – අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය
    11. ෆයිසර් මුස්තාපා මහතා – පළාත් සභා, පළාත් පාලන සහ කී‍්‍රඩා අමාත්‍ය
    12. ඞී.එම්. ස්වාමිනාදන් මහතා – නැවත පදිංචිකිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය
    13. සාගල රත්නායක මහතා – තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
    14. මනෝ ගනේෂන් මහතා – ජාතික ඒකාබද්ධතා , සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය
    15. දයා ගමගේ මහතා – සමාජ සුබසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය
    16. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා- තිරසර සංවර්ධන, වනජීවි සහ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
    17. රවින්ද්‍ර සමරවීර මහතා – කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය
    18. විජයදාස රාජපක්ෂ මහතා – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

    සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම කි‍්‍රයාත්මක වන අතර, නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදුවේ.
    ඒ සඳහා ආණ්ඩු පක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya