අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂීණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අඩු කෙරේ

    ජනවාරි 04, 2023

    අද (04) මධ්‍යම රාත්‍රී 12 සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ සියලුම බස්රථවල මගී බස් ගාස්තුව 10%කින් අඩු කෙරෙන බවත්, ඉන්ධන මිල සහ බස්ගාස්තුව වැඩිවීම නිසා රු.ලක්ෂ 33 දක්වා වැඩිවූ අධිවේගී බස්රථවලින් රජයට අයකරන වාර්ෂික බලපත්‍ර ගාස්තුව නැවත දොළොස් ලක්ෂ අනූහයදාහ (1296000) දක්වා අඩු කරන බවත් ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, කොළඹ, මාතර, ගාල්ල අධිවේගී බස්රථවලින් රජයට අයකරන තාක්ෂණික ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිණි.

    ගාලු පාරේ ධාවනය වන කොළඹ කතරගම අර්ධ සුඛෝපභෝගී බස්රථ අද මධ්‍යම රාත්‍රී 12 සිට සාමාන්‍ය සේවා බවට පරිවර්තනය කෙරේ. එම සියලුම බස්රථ සාමාන්‍ය බස්රථ ලෙස ඉදිරියේ දී ධාවනය කෙරෙන අතර මෙතෙක් එම බස්රථවලින් අයකළ මගී බස් ගාස්තුව වූ රු. 1541 මුදල රු. 1117 දක්වා අඩු කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.