අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 නව වසරට උණුසුම් සුභාශිංසන

    ජනවාරි 02, 2022

    රජයේ ප්‍රධාන නිල සන්නිවේදන හස්තය ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැවැරී ඇති කාර්යභාරය සාර්ථකව සාධනය පිණිස 2021 වසරේදී දැක්වූ සුහදශීලි සහයෝගය වෙනුවෙන් සියලුම ජනමාධ්‍ය ආයතන, ජනමාධ්‍යවේදීන්, අමාත්‍යාංශ ප්‍රමුඛ සියලු ආයතන වෙත රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් මාගේ කෘතඥතාව පුදකරමි.

     

    කොවිඩ් උවදුර පරාජය කිරීමට සමස්ත ජාතියම මහත් අරගලයක නිරත වූ පසුගිය කාලවකවානුවෙදී ජනමාධ්‍ය වෙත පැවැරුණු සමාජ වගකීම සුවිශේෂි විය. එකී අභියෝගය මනාව තේරුම් ගෙන වසංගතය හා ඒ සමග බැඳුණු සෙසු ප්‍රශ්න ගැන ජනතාව දැනුවත් කරමින් ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන් ඇතුලු සියලු පාර්ශ්වයන් ඉටුකළේ අද්වීතීය මෙහෙවරකි. අපේ සාමූහික ප්‍රයත්නය නිසා සුරක්ෂිත නව වසරක් පිළිබඳ විශ්වාසයක් සමාජය තුළ තහවුරු වී ඇති බව මගේ විශ්වාසයයි.

    සුබවාදී අපේක්ෂා සමග උදාවූ 2022, සියලු ජනමාධ්‍ය ආයතනවලට හා සහෘද මාධ්‍ය වෘත්තිකයන්ට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් වැඩකරන සෙසු ආයතනයවලට සහ සමස්ත ලාංකීය ජනතාවටත් නිදුක් නිරෝගී
    සුවපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක් වේවායි ප්‍රාර්ථනය කරමි. නිවැරදි තොරතුරු සම්පාදනයෙන් යථාර්තවාදී දැක්මෙන් හා යහපත් ආකල්පයෙන් ජනතාව පෝෂණය කොට බලගන්වමින් විදග්ධ හා වගකීම් සහගත මාධ්‍ය මෙහෙවරක නිරතවීමට ඔබ සැමට ශක්තිය හා ධෛර්ය ප්‍රාර්ථනා කරන අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වඩාත් සාධනීය ලෙස ඉටුකිරීමට ඔබේ දායකත්වය හා සහයෝගය 2022 වසරේ ද සුහද සිතින් අපේක්ෂා කරමි.

    මොහාන් සමරනායක
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.