අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයස 30ට වැඩි සැමට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මුල් සතිය වන විට

    අගෝස්තු 22, 2021

    වයස 30ට වැඩි සැමට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මුල් සතිය වන විට

    2021.08. 22

    නිවේදන අංක : 852/2021
    නිකුත් කරන ලද වේලාව :
    14.30

    ප්‍රධාන කර්තෘ / ප්‍රවෘත්ති කර්තෘ
    අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) / ප්‍රවෘත්ති කළමනාකරු

    වයස 30ට වැඩි සැමට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මුල් සතිය වන විට

    “ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් වැඩසටහන පටන් ගත්තෙ පසුගිය ජනවාරි 29. පළමුව සෞඛ්‍ය සේවකයින්ටත්, කොවිඩ් මර්දනයේ නිරත පිරිසටත් ප්‍රමුඛතාව දුන්නා. ලෝක තත්වය හමුවේ විවෘත වෙළෙඳ පොලේ එන්නත් ලබා ගන්න බැහැ. එය කළ යුත්තේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින්. ඒ දේ අපි කළා. මේ වන විට සමස්ත ජනගහනයෙන් 55% කට එන්නත් එක් මාත්‍රාවක් හෝ තිබෙනවා. සමස්ත ජනගහනයන් 25%කට එන්නත් මාත්‍රා දෙකම දී අවසන්” වසංගත රෝග විද්‍යා අංශයේ වැඩ බලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

    විශේෂඥ වෛද්‍ය ගිනිගේ මහතා මෙම අදහස් පල කළේ “ නිරෝධායන ඇඳිරි නීතිය සමයේ එන්නත් කරණය කාටද කෙසේද” මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (22) සංවිධාන කළ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති සංවාදයට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාද එක්ව සිටියහ.

    “අපේ වයස අවුරුදු 30ට වැඩි ජනගහනය මිලියන 11.5 ක්. මොවුන්ට මාත්‍රා දෙකම දෙන්න අපිට මිලියන 23 ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දැනට අපිට එන්නත් මිලියන 19.5ක ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉදිරි සති දෙකතුල ඉතිරි එන්නත් ප්‍රමාණය සපයා ගන්න පුළුවන්. අපේ ඉලක්කය සැප්තැම්බර් මස මුල් සතිය වන විට අවුරුදු 30ට වැඩි සෑම කෙනෙකුටම එන්නත් මාත්‍රා දෙකම ලබා දීම. අපි ඒ ඉලක්කයට සාර්ථකව ලඟා වෙමින් සිටිනවා. අද වන විට 30ට වැඩි ජනගහණයෙන් 99%කටම ප්‍රථම මාත්‍රාව දී අවසන්. 30ට වැඩි කණ්ඩායමේ 48%කට දෙවන මාත්‍රාවද දී අවසන් ” වෛද්‍ය සමිත ගිනිගේ මහතා පෙන්වා දුන්නේය.

    සැප්තැම්බර් මස දෙවන සතියේ සිට වයස අවුරුදු 18 -30 ත් අතර පිරිස එන්නත්කරණයට සැලසුම් කර තිබෙන බවත් මිලියන 3.2ක පිරිසක් එම වයස් ඛාණ්ඩයට අයත් බවත් කී වෛද්‍යවරයා තවමත් වයස 60 ට වැඩි සුළු පිරිසක් එන්නත් ලබා නොගෙන සිටින බවත් මරණ ප්‍රතිශතය අඩු කර ගැනීමත්, රෝග ව්‍යාප්තිය පාලනය කිරීමත් එන්නත් කරණයේ ප්‍රධාන අරමුණු දෙක බව පැවසීය.
    “මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ වලින් 77 %ක් වයස අවුරුදු 60 ට වැඩි අය, 22% ක් වයස අවුරුදු 30 – 59 ත් අතර අය, 1%ක් වයස අවුරුදු 30ට අඩු අයයි. ඒ වගේම මරණ වලින් 65%ත් 70% ත් අතර ප්‍රමාණයක් සිදුවී ඇත්තේ නිදන්ගත රෝග වලින් පෙනෙන අය. වාර්තා වූ මරණ වලින් 91%ක්ම එන්නත් මාත්‍රා එකක්වත් ලබා නොගත් අය.” ප්‍රමාද වීම පසු තැවීමට හේතුවක් විය හැකි නිසා හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නැයි වෛද්‍ය ගිනිගේ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

    “නිවසේ රඳවා ප්‍රතිකාර කරමින් බලා ගැනීමේ වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළේ. මෙතෙක් කිසිම මරණයක් නිවෙස්වලින් වාර්තා වූයේ නැහැ. රෝග ලක්ෂණ උත්සන්න වීම නිසා ඉන් 05%ක් පමණ රෝහල් කළා. මේ ක්‍රමය සාර්ථක වූ නිසා තමයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළේ එය දිගටම ක්‍රියාත්මක කිරීමට. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග රෝගීන් ඉහලයාම නිසා බරපතළ රෝගීන් සඳහා රෝහල් ඉඩ වෙන්කිරීම ඉන් අපෙක්ෂා කළා” යයි විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

    වයස අවුරුදු 02 සිට 65 අතර පිරිස නිවසේ රඳවා ප්‍රතිකාර කර බලා ගැනීමේ වැඩසටහන සඳහා තෝරා ගන්නා බවත්, ඔවුන් දීර්ඝ කාලීන රෝග වලින් පෙළෙන අය නොවීම, ඔවුන් සමග සන්නිවේදනය පවත්වා ගැනීම, රෝගීයාට වෙනම සිටීමට කාමරයක් තිබීම වැඩසටහනට අවශ්‍ය කොන්දේසි බවත් පෙන්වා දුන් වෛද්‍යවරයා එලෙස නිවසේ රඳවා ප්‍රතිකාර කරන අතර අවම වශයෙන් දිනකට දෙවරක් වෛද්‍යවරුන් රෝගීයා හා සම්බන්ධ වෙමින් අවශ්‍ය උපදෙස් දෙන බව පැවසීය.

    නිරෝධායන ඇඳරිනීති කාලය තුල ගමන් බිමන් කිරීමේදී අත්‍යාවශ්‍ය සේවා වලට පමණක් අවසර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා කීය. රාජකාරී සඳහා වාර්තා කරන පුද්ගලයින් සඳහා ආයතනික හැඳුනුම්පත හෝ ආයතනය ලබා දුන් ලිපියක් අනිවාර්ය බවත් පැවසූ ඔහු කිසිවිටකත් පොලිස් ස්ථාන වලින් බලපත්‍ර දීමක් සිදු නොකරන බව සඳහන් කළේය.

    සාකච්ඡාවට අදාල දර්ශන සහ ඡායාරූප පහත සඳහන් සබඳතාව ඔස්සේ ලබා ගැනීමට පිළිවන.
    https://www.vishmithacloud.com/s-xzYxggEj

    මොහාන් සමරනායක
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.