අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මාතෘ භාෂා දින සැමරුම් උළෙල පෙබරවාරි මස 21 දින නිදහස් චතුරස්‍රයේ දී

    පෙබරවාරි 18, 2020

    2020 පෙබරවාරි මස 21 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් එදින පෙ.ව.8.30 සිට පෙ.ව.10.30 දක්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඔ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ.

    “භාෂාවෙන් එක්සත්කම” යන තේමාව යටතේ මෙවර සැමරුම් උළෙල පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍යාංශය,බංගලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ඒකාබද්ධව මෙම උළෙල සංවිධානය කරනු ලැබේ.


    මීට සමගාමීව 06 වන වසරේ සිට 13 වසර දක්වා අධ්‍යාපනය ලබන පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පවත්වන ලද චිත්‍ර, රචනා සහ පද්‍ය රචනා තරඟවලින් ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරුවේ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරේ.

    ඩබ්.එම්.ශාන්තප්‍රිය
    අංශ ප්‍රධානී (ප්‍රචාරක)
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.