අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සෞභාග්‍යයේ දැක්ම” අනුව රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීම - 2020

    පෙබරවාරි 10, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” අනුව රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරිපත් කරන අයැදුම්පත් අදාළ අයැදුම්කරු පූර්වාසන්න වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටින බවත්, ඉල්ලුම් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ස්ථීර පදිංචිකරුවෙක් බවත් ග්‍රාම නිලධාරී සහතික කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළයුතුය.

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන ඩිප්ලෝමාවක් 2019-12-31 දිනට සම්පූර්ණ කර ඇති සියලුම උපාධිධාරින්ට ද මේ සඳහා අයැදුම් කළ හැකිය.
    ඒ අනුව 2019-01-01 දින සිට 2019-12-31 දින දක්වා උපාධිය සම්පූර්ණ කර ඇති, අදාළ කාලය තුල (උපාධිය ලබාගත් දින සිට) රැකියා විරහිතව සිටින සියලුම උපාධිධාරින්ට ද මේ සඳහා අයැදුම් කළ හැක.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.