මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය ලකුණු කරන විට සැළකිල්ල දක්වා ඡන්දය ලකුණු කරන්න- මැතිවරණ කොමිෂමේ සභාපති

    නොවැම්බර් 16, 2019

    ඡන්දය ලකුණු කරන විට ඡන්දය ලබාදීමට අපේක්ෂා කරන අපේක්ෂකයාගේ නම සහ සළකුණ තිබෙන තීරුව,තෝරාගෙන විශේෂ සැළකිල්ලක් දක්වා,එහි ඡන්දය ලකුණු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

     

    ''නොවැම්බර් 16 වැනිදා (අද )ඡන්දය දීම සඳහා ඡන්ද පොළට යන ඡන්ද දායකයින්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ඉල්ලීමක් කිරීමට තිබෙනවා.''

    ''ඔබ ඡන්දය ලකුණු කරන විට ඡන්දය ලබාදීමට අපේක්ෂා කරන අපේක්ෂකයාගේ නම සහ සළකුණ තිබෙන තීරුව,තෝරාගෙන විශේෂ සැලකිල්ලක් දක්වා,එහි ඡන්දය ලකුණු කරන්න, එහි කතිරය හෝ එක ලකුණු කිරීමෙන්. මනාප දෙන්න යනව නම් එක ලකුණු කිරීමෙන් පසුව දෙක හෝ තුන ලකුණු කරන්නට පුළුවන්.''

    ''යම් කෙනෙක් ඉල්ලා සිටිය හොත් ඡන්දය දීමට අපේක්ෂා කළේ මේ අපේක්ෂකයාටයි, මා අතින් ලකුණු වුණේ, වෙනත් කෙනෙකුට කියා,කියූ පමණින් ඔහුට හෝ ඇයට අමතර ඡන්ද පත්‍රිකාවක් දීමට ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාට කිසිදු බලයක් නෑ. ''

    ''ඔබගේ අපේක්ෂකයාට ඡන්ද ලබාදීමට අපෝසත් වීම නිසා, වෙනත් ඡන්ද පත්‍රිකාවක් ලබාගත නොහැකි බව. හරියටම තමන්ගේ අපේක්ෂකයා ඡන්දය සහ අවශ්‍ය නම් අනෙක් අපේක්ෂකයින්ට මනාපය සළකුණු කරන්න.''

    ''ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයට බලයක් ඇත්තේ එය අනවධානය නිසා යන් ආකාරයකට එම ඡන්ද පත්‍රිකාව පාවිච්ඡි කිරීමට නොහැකි වුවහොත් පමණයි.''

    ''යම් හෙයකින් සුළැගිල්ලේ ගා තිබෙන තීන්ත ඡන්ද පත්‍රිකාවේ ගෑවුණොත් ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටියට දාන්න යනකොට ඉරුණොත් වෙනත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරන්න පුළුවන්. එසේ නොමැතිව ඡන්ද පත්‍රිකාවක් ඉල්ලීමෙන් වළකින ලෙස සියලුම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.''

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.