අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පූර්ව පෙරහුරු ඡන්ද විමසීම් පැවැත්වීම සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ ප්‍රකාශය

    ඔක්තෝබර් 26, 2019

    මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාවට නිරීක්ෂණය වී තිබෙනවා සමහර පෞද්ගලික ආයතනවල ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා වූ උපකාරක පංති පැවැත්වෙන ස්ථානවල ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වෙන බවත්, ඒවායේ ප්‍රතිඵල සමාජ ජාල මාධ්‍ය හරහා සමාජගත කරන බවත්. මෙම කාර්යයේ බැලූ බැල්මට යම් වරදක් දැකිය නොහැකි යැයි යමෙකුට හැඟී යන්නේ වුවත් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ විධිවිධානවලට පටහැනිවන අවස්ථා ඇති බව ඒ අදාළ සියලු දෙනාටම දැනුම් දීමට කැමතියි.

    ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 78 වන වගන්තියේ දැක්වෙන අයුතු බලපෑම යන වරදට, දූෂණ ක්‍රියා යටතේ ගැනෙන අයුතු බලපෑම නැමති වරදට මෙම කාර්යය අදාළ වෙනව. අනෙක් අතට සැබෑ ලෙස සමාජයේ තෝරා ගන්නා ලද සසම්භාවී නියැඳියකින් තොරව යම් ස්ථානයක සේවය කරන පිරිසක් නැතහොත් යම්කිසි උපකාරක පංතියකට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සඳහා පවත්වන මෙවැනි ආදර්ශ ඡන්ද විමසීමකින් ලැබෙන ප්‍රතිඵලය මුළු දිවයිනටම සාමාන්‍යකරණය කිරීම එය වරදක්.

    ඕනෑම ඡන්ද විමසීමකදී මුළු දිවයිනේම ඡන්ද විමසීම එක් දිනකදී පවත්වා එහි ප්‍රතිඵලය එක්වර නිදහස් කරන්නේ එක් ස්ථානයක ඡන්ද ප්‍රතිඵලය අනෙක් ස්ථානයට බලනොපෑ යුතු බැවින්. උදාහරණයක් වශයෙන් තැපැල් ඡන්ද දායකයන්ගේ ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන්නේ සාමාන්‍ය ඡන්දදායකයන්ගේ ඡන්දය දී අවසන් වූවාට පසුවයි. එසේ නැතිවුවහොත් එහි ප්‍රතිඵලය අනෙකුත් ඡන්දදායකයන්ට බලපෑමක් විය හැකියි.

    මේ නිසා මෙම පූර්ව ඡන්ද විමසීම පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස සියලුම නීතිගරුක යහපත් පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් සහ සම භූමියේ කෙරෙන තරඟයක්, ඡන්ද විමසීමක්, පැවැත්වීමට නම් මෙවැනි පූර්ව පෙරහුරු ඡන්ද විමසීම් පවත්වා ප්‍රතිඵල නිදහස් කිරීමෙන් වැළකී සිටිය යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.