ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත ව්‍යවසායකත්ව කලාපය තුළ පිහිටි රාජ්‍ය බැංකු හරහා යාපන දිස්ත්‍රික්කයේ විශාල පිරිසකට නව ව්‍යවසායකත්ව අරමුණු ඉටුකරගැනීමට මංපෙත් විවර විය. රජයේ පොලි සහන ණය ලබාගැනීම සඳහා මේ වනවිට 2500 කට අධික පිරිසක් ප්‍රදර්ශන භූමියේ පිහිටි රාජ්‍ය බැංකුවල ලියාපදිංචි ව ඇත. ඒ අනුව ණය ලබාදීමේ ඉදිරි කටයුතු ඒම අයඳුම්කරුවන් පදිංචි ප්‍රදේශයේ බැංකු ශාඛා මඟින් සිදු කෙරෙනු ඇත.
සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය වාණිජකරණයට හා යාන්ත්‍රීකරණයට පරිවර්තනය කිරීමේ ඉලක්කය සහිතව ක්‍රියාත්මක රන් අස්වැන්න හා ගොවි නවෝදා වැනි ණය යෝජනා ක්‍රම කෙරෙහි ණය අයදුම්කරුවන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත.
යුද්ධය හේතුවෙන් වැන්දඹු තත්ත්වයට පත් කාන්තාවන්ට හා පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන්ට පහසුවෙන් ණය ලබා ගැනිමට හැකි වන පරිදි නව ව්‍යාපෘති හඳුනාගැනීම හා අදාළ ව්‍යාපෘති වාර්තා සකස්කිරීම වැනි ණය ලබා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව මූලික පුහුණුව ලබාදීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මෙම ප්‍රදර්ශනයට සමගාමීව සිදු කිරීම ද විශේෂත්වයකි.
රුපියල් ලක්ෂ 15 දක්වා ස්වයං රැකියා හෝ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ණය සඳහා සුරැකුම් හො ඇපකරුවන් අවශ්‍ය නොවන බැවින් නව ව්‍යවසායකයින්ට අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීමට මෙම ප්‍රදර්ශනය තුළින් අවස්ථාව උදාවනවා ඇත.
විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය - යාපනය