මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ප්‍රදර්ශනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ප්‍රදර්ශන කුටියට ඉහළ ජනතා ප්‍රතිචාරයක්.

    සැප්තැම්බර් 09, 2019

    “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ප්‍රදර්ශන මාලාවේ තෙවන ප්‍රදර්ශනය අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මේ වනවිට යාපනයේදී පැවැත්වේ.

     නව ව්‍යවසායකයින් දිරිගැන්වීම, ඔවුන්ට අවශ්‍ය මුල්‍ය අනුග්‍රහය හා අනුබලය ලබාදීම මෙන්ම නිවැරදී ව්‍යවසායක මඟපෙන්වීම් ලබාදීම යන ප්‍රධාන අරමුණු තේමා කරගනිමින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය අධ්‍යාපන, සංස්කෘතික හා සන්නිවේදන ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන කලාප 9 ක් යටතේ ප්‍රදර්ශන කුටි සිය ගණනකින් සමන්විත වේ.

    ප්‍රදර්ශන භූමිය තුළ ස්ථාපිත ප්‍රදර්ශන කලාප අතුරින් මාධ්‍ය කලාපය ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවගේ ඉහළ අවධානයක් යොමු වූ කලාපයකි. රූපවාහිනි, ගුවන් විදුලි හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනත්වයෙන් සැදුම්ලත් මාධ්‍ය කලාපයේ ප්‍රදර්ශන කුටි අතුරින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ප්‍රදර්ශන කුටිය සඳහා පාසල් හා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ඇතුළු ජනතාවගේ ඉහළ ප්‍රතිචාරයක් හිමිව ඇත. අණපනත් ඇතුළු රජයේ ප්‍රකාශන භාෂාත්‍රයෙන්ම පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව උදාවීම, ඵෙතිහාසික, කාලීන හා කලාත්මක දුර්ලභ ඡායාරූප එකතුවක් නැරඹීමට ඉඩප්‍රස්ථා හිමිවීම, දේශීය චිත්‍රපට කර්මාන්තයේ පුරෝගාමී සිනමා උපකරණ හා ආම්පන්න සජිවීව දැකබලා ගැනීමට හැකිවීම මෙන්ම නව සමාජ මාධ්‍ය භාවිතාව පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට හා සමාජ මාධ්‍ය පරිහරණය සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කර තිබීම මෙන්ම භාෂත්‍රයෙන්ම අවශ්‍යතාව අනුව ප්‍රදර්ශනය පිළිබඳව පැහැදිලි කිරීම යන කරුණු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ප්‍රදර්ශන කුටිය ජනතාවගේ ඉහළ ප්‍රතිචාරයට හේතු වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.