අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යාපනය ප්‍රදර්ශනය මුදල් අමාත්‍යතුමාගේ නිරික්ෂණයට

    සැප්තැම්බර් 07, 2019

    කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම හා නව ව්‍යවසායකයන් බිහිකිරීම අරමුණු කරගනිමින් රජය විසින් ක්‍රියාත්මක කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ තෙවන ප්‍රදර්ශනය අද (07) සිට මහජනතාවට විවෘතව පවතින අතර එය මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් නිරික්ෂණය කරන ලදී.


    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඈත අතීතයේ සුප්‍රකට වෙළඳ නගරයක් වූ යාපනය 21 වන සියවසේ තරුණ තරුණියන්ට නව ව්‍යාපාරික දැනුම සහ මූල්‍ය පහසුකම් සපයා ගැනීමට මෙම ප්‍රදර්ශනය තුළින් ඊට මනා රුකුලක් ලැබෙන බව ය.

    මෙම ප්‍රදර්ශනයට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් යාපනය මුන්නේෂ්වරම් පාර අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කළ අතර නව නගර ශාලා ගොඩනැල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.

    යාපනය මුට්‍රවේලී පෙදෙසදී පැවැත්වෙන අතර මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 07 සිට 10 දක්වා පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සිව් දිනක් පුරා පැවැත්වීමට නියමිතය.

    විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය - යාපනය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.