මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ජාතික සංහිදියා ප්‍රතිපත්තිය ශක්තිමත් කරමින් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ 3 වන ප්‍රාදේශීය කාර්යාලය රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනට සමගාමීව (24) දින යාපනයේ දී විවෘත වෙයි

    අගෝස්තු 25, 2019

    තිරසර සාමය හා සෞභාග්‍යය සාක්ෂාත් කර ගැනීම උදෙසා ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ අනෝන්‍ය ගරුත්වය හා අභිමානය ආරක්ෂා කරමින් සියලු ජාතීන්ට යුක්තිය හා සාදාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් ස්ථාපිත 2017 අංක 19 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ 3 වන ප්‍රාදේශීය කාර්යාලය   (24) දින යාපනයේ දී අතුරුදහන් වූවන් පිළිබඳ සොයාබැලීමේ කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ හා යාපනය දිසාපති එන්. වේදනායහන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.


    රට තුළ ජාතික ඒකාබද්ධතාව හා ප්‍රතිසංවිධානයත් කල් පවත්නා සාමයත් ප්‍රවර්ධනය කිරීම. සර්ව සහභාගිත්ව සමජයක් ගොඩනැඟීමෙන් ප්‍රතිසංවිධානය ශක්තිමත් කර ජාතික සමඟිය ඇති කිරීම පිණිස විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන පැවැති යුද්ධයෙන් පීඩාවට ලක් වූ සියලු ජාතීන්ට සාධාරණ යුක්තිගරුක සමාජයක ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම යන කරුණු ඉලක්ක කර 2016 අංක 14 දරණ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳව කාර්යාලය පිහිටුවීම හා 2017 අංක 09 දරණ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ සංශෝධන පනතට අනුව කරුණු අධ්‍යයනය කරමින් පීඩාවන්ට ලක් වූ පවුල්වල සාමාජිකයින්ට යුක්තිය ඉටුකිරීම අරමුණු කරගෙන රජය අතුරුදහන් වූවන් පිළිබඳව සොයාබැලීමේ කොමිෂම පත්කර පීඩාවට පත් වූ ජනතාවට සහන සලසා දීමට රජය මේ වනවිට පියවර ගෙන තිබේ.

    උතුරු නැගෙනහිර පළාතේ යුද්ධයෙන් පීඩාවට ලක් වූ පවුල්වල අතුරුදහන් වූ පවුල් සාමාජිකයන් පිළිබඳව තොරතුරු අධ්‍යයනය කර ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා සහාය විය හැකි වන පරිදි ප්‍රාදේශීය කාර්යාල පිහිටුවමින් ඒ යටතේ අතුරුදහන් වූ පවුල්වල ජනතාවට සහන සැලසීම සිදු කෙරෙන අතර පසුගිය මාස 18ක පමණ කාලය තුළ මන්නාරම හා මාතර ප්‍රාදේශීය කාර්යාලය විවෘත කර එම ජනතාවට සහන සලසා තිබේ.

    යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක් ආවරණය වන පරිදි යුද්ධයෙන් පීඩාවට ලක් වූ අතුරුදහන් වූ පවුල්වල ජනතාවට සහන සැලසීම සඳහා එහි 3 වන ප්‍රාදේශීය කාර්යාලය යාපනයේ දී   අංක 124, ආඩියපාදම් පාර, යාපනය දී විවෘත වූ අතර එමඟින් ඉතා කඩිනමින් වින්දිතයින් බවට පත් වූ පවුල්වලට සහන සැලසීම කඩිනම් කරන බව අතුරුදහන් වූවන්ගේ කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.
    යාපනය දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩ සටහන්ද මෙම වැඩසටහනට සමගාමීව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වූ අතර ඒ සඳහා යාපනයේ මව්වරුන් ඇතුළු වින්දිතයින්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගි වූහ.

    යාපනය දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.