අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය-ගම්පහ දිස්ත්‍රික්කයේ 74000ක් වන විශ්‍රාමිකයින්ට නිසිකලට ගෙවීමට රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන යටතේ පියවර

    ජූලි 31, 2019

    අයවැය සහන යටතේ විශ්‍රාමිකයන්ට වැඩිකළ වැටුප් ගම්පහ දිස්ත්‍රික්කයේ 74000ක් වන විශ්‍රාමිකයින්ට නිසි කලට ගෙවීමට රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන යටතේ කාර්යක්ෂම කෙරේ.

    සංවේදී අයවැයෙන් විශ්‍රාමික ජනතාවට වැඩි කල විශ්‍රාම වැටුප් නිසි පරිදි ගණනය කර කලට වේලාවට ලබාදීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට ක්‍රියාත්මක වන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක් ඉලක්ක කර74000ක් වන විශ්‍රාමිකයන්ට වැඩිකළ වැටුප් නිසි කලට ගෙවීමට මේ වන විට සියලු කටයුතු සිදුවෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.


    ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ව අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන රටවෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ 6 වැන්න ජුලි මස 29 වන දින සිට අගෝස්තු 05 දින දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක් ඉලක්ක කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක වන අතර එම වැඩසටහන මඟින් ජනාධිපති ලේකම් කාර්යාලය ජාතික මට්ටමින් මෙහෙයවන ඍජු වැඩසටහන්වලින් සහන ලබාදෙන අතර ප්‍රාදේශීය මට්ටමින් ජනතාව මුහුණදෙන මහජන ගැටලුවලට ද විසඳුම් ලබාදීමට කටයුතු කරනු ලැබේ.

    මෙම සතිය පුරා ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් හා ග්‍රාම නිලධාරී වසම් 1177ක් ආවරණය වන පරිදි මහජන අවශ්‍යතා සැලකිල්ලට ගෙන විවිධ දැනුවත් කිරීම් හා මාර්ගෝපදේශන වැඩ සටහන් ක්‍රියාත්මක වන අතර මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, පළාත්සභාව, පළාත් පාලන ආයතන, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය දායකත්වය ලබාදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

    රජය විසින් අයවැය සහන යටතේ ජනතාවට ලබා දී තිබෙන මහජන සේවාවන් අතර විශ්‍රාමිකයන්ට වැඩිකළ වැටුප් ගණනය කර ඒවා නිසි වේලාවට ලබාදීම දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් මේ වන විට ආරම්භ කර ඇති අතර මිලියන 24ක් පමණ වන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 74000කට අධික විශ්‍රාමිකයන් පිරිසක් සිටින මෙම දිස්ත්‍රික්කයේ එම විශ්‍රාමියකයන්ට අදාල වැටුප් සංශෝධන ලබාදීම
    දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලට වඩා සංඛ්‍යාත්මකව වැඩි බැවින් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් වැඩි නිලධාරීන් පිරිසක් යොදවා ඉතාම

    කෙටි කාලයක් තුළ එම වැටුප් නිසි පරිදි ගණනය කර ලබාදීමට සියලු කටයුතු යොදා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.


    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.