මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන- මහජන ගැටලු විසඳීම සඳහා පැමිණෙන බැවින් ඊට සහභාගී වන ලෙස මහජනතාවට ඇරයුම්

    ජූලි 30, 2019

    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන ජුලි මස 29 දින සිට අගෝස්තු මස 05 වනදා දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක ක්‍රියාත්මකයි

    ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය සතියක් පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මහජන ගැටලු විසඳීම සඳහා පැමිණෙන බැවින් ඊට සහභාගී වන ලෙස මහජනතාවට ඇරයුම්..

    මහජන සුබසාධන හා සමාජ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී මෙතෙක් රාජ්‍ය යාන්ත්‍රණය මඟින් විසඳාගැනීමට නොහැකි වූ ගැටළු මහජනතාව වෙතට ගොස් විසඳා දීම සඳහා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය යොමුකරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනේ හයවැන්න ජුලි මස 29 වන දින සිට අගෝස්තු 05 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක පැවැත්වේ.

    ඒ අනුව, මෙම දිස්ත්‍රික්කයේ මහජනතාව මුහුණදී සිටින විවිධ ගැටලුවලට මෙම සතිය තුළදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැමිණ විසඳුම් ලබාගන්නා ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රදේශයේ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙහෙයවන ජාතික සංවර්ධන වැඩසටහන් වන ග්‍රාම ශක්ති, මත්ද්‍රව්‍ය නිවාරණ, පරිසර සංරක්ෂණ, සුරකිමු දරුවන්, ඩෙංගු හා වකුගඩු නිවාරණ, ස්මාර්ට් ශ්‍රී ලංකා වැනි ජාතික වැඩසටහන් මගින් ජනතාව දැනුවත් කිරීම හා සවිබල ගැන්වීම මෙහිදී සිදු කෙරෙන ප්‍රධාන කාර්යයකි. ඊට අමතරව, ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල හා වෙනත් රාජ්‍ය ආයතන මඟින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරම, ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ සිට විදේශ ගමන් බලපත්‍ර, විශ්‍රාම වැටුප්, ඉඩම් හිමිකම්, බලපත්‍ර, ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම්, නිවාස ගැටලු, කම්කරු ගැටලු, වැඩිහිටි හා සමාජ සුබසාධන වැනි ක්ෂේත්‍රයන්හිදී පැනනඟින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජංගම සේවාවන් පැවැත්වීමද සිදු වේ. විශේෂයෙන්ම, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ජනපතිට කියන්න වැඩසටහන මේ හා සමගාමීව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පැවැත්වෙන අතර ඒ මගින් ජනතාවගේ ගැටලු සෘජුවම ජනාධිපතිතුමන් වෙත යොමු කිරීමට හා එම ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ.


    ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම පරිදි අදාල අමාත්‍යාංශවල හා අනෙකුත් රාජ්‍ය ආයතන නිලධාරීන් මේ වනවිටත් ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම තම මහජන සේවාවන් හා සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ඇති
    බැවින් ගම්පහ, ජා ඇල, අත්තනගල්ල, වත්තල, මීගමුව, දිවුලපිටිය, මිනුවන්ගොඩ, කටාන, මහර, කැලණිය, දොම්පෙ, බියගම, මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පදිංචි ජනතාවට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැමිණ තම ගැටලු විසඳීම සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබා ගන්නා මෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.