මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන - පළමු දිනය (29) නිමවන විට ව්‍යාපෘති 812ක් ක්‍රියාත්මක කර ප්‍රතිලාභීන් 218513කට සහන සලසයි

    ජූලි 30, 2019

    ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ''රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන '' වැඩ සටහනේ පළමු දිනය (29) නිමවන විට ව්‍යාපෘති 812ක් ක්‍රියාත්මක කර ප්‍රතිලාභීන් 218513කට සහන සලසයි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් ක්‍රියාත්මක කෙරෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනේ හයවැන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන අතර, ඒ මගින් මෙතෙක් රාජ්‍ය අංශවලින් විසඳීමට නොහැකි වූ මහජන ගැටලු විසඳමින් ඊයේ දිනය තුළ  (29) ව්‍යාපෘති 812ක් ඔස්සේ පුද්ගලයින් 218, 513කට සහන ලබාදුන් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.


    ජනාධිපති ලේකම් කාර්යාලය රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල පළාත් සභා, පළාත් පාලන ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලිසිය යන රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ සේවා ආයතන ද මෙම වැඩ සටහන සමඟ එක් වෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 1177ක මහජන සුබසාධන හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දායක වී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධිකරණය මත මෙහෙයවන ග්‍රාම ශක්ති, වකුගඩු නිවාරණ, ඩෙංගු මර්දන, ආහාර සුරක්ෂිතතා, මත්ද්‍රව්‍ය නිවාරණ, සුරකිමු දරුවන් ස්මාට් ශ්‍රී ලංකා, තිරසර අධ්‍යාපනය, පාරිසරික සුරක්ෂිතතා ඇතුලු ජාතික වැඩ සටහන් ගම් මට්ටමෙන් ක්‍රියාත්මක කරන අතර ඒ මගින් මහජන සහභාගිත්ව දේශන සම්මන්ත්‍රණ වැඩමුළු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වේ. එමෙන්ම, රාජ්‍ය යාන්ත්‍රණය තුළින් මහජනතාවට විසඳා ගතයුතු ගැටලු විසඳාලීම සඳහා ජංගම සේවා පවත්වමින් රාජ්‍ය යාන්ත්‍රණය සවිබල ගැන්වීම ද මෙම වැඩ සටහන තුළින් සිදුවේ.


    ඊයේ (29) දින ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ වූ “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනට සමඟාමීව ග්‍රාම ශක්ති වැඩ සටහන් 9ක් ක්‍රියාත්මක වූ අතර එයින් ප්‍රතිලාභීන් 748කට සහන ලබා දෙන ලදී. එමෙන්ම,

    වකුගඩු නිවාරණ වැඩසටහන යටතේ ව්‍යාපෘති 08ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 1287ක්ද, ගම රැකුම වැඩ සටහන යටතේ ව්‍යාපෘති 656ක් ද ඩෙංගු මර්ධන වැඩ සටහන් 149ක් ද දරුවන් සුරකිමු ජාතික වැඩසටහන යටතේ වැඩ
    සටහන් 14ක් ද ස්මාට් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ ව්‍යාපෘති 4ක් ද, පාරිසරික වැඩ සටහන් 4ක් ද, ආහාර සුරක්ෂිතතා වැඩ සටහන් 9ක් ද, වැඩිහිටි හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සුබසාධන වැඩසටහන් 8ක් ද, මත්ද්‍රව්‍ය නිවාරණ
    වැඩසටහන් 65ක් ද ඵලදායිතා සංවර්ධන වැඩ සටහන් 2ක් ද ක්‍රියාත්මක කර ඇති අතර ඊට අමතරව විවිධ විෂයන් යටතේ සංවර්ධන වැඩ සටහන් 33ක්ද ක්‍රියාත්මක කරමින් සමස්ත ප්‍රතිලාභීන් 218, 513කට සහන සලසා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.


    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.