අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන රට වෙනුවෙන් එකට සිටිමු

    ජූලි 30, 2019

    ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන රට වෙනුවෙන් එකට සිටිමු වැඩ සටහන යටතේ ජනතා ව්‍යාපෘති 3541ක් ක්‍රියාත්මකයි

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක ජූලි මස 29 දින සිට අගෝස්තු 05 දක්වා මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉලක්ක කරගෙන රට පුරා ක්‍රියාත්මක වන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනේ 6 වැන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක් කේන්ද්‍ර කරගෙන අද දින (ජුලි 29) ආරම්භ වූ අතර, මෙතෙක් රාජ්‍ය අංශවලින් නොවිසඳුණු මහජන ගැටලු විසඳාලීම සඳහා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම සහභාගි කරවීම මෙම වැඩසටහනේ අරමුණ වන බවත් මෙම සතිය තුළදී ගම්පහ දිස්ත්‍රික්කයේ මෙම වැඩසටහන මගින් ව්‍යාපෘති 3541ක් ක්‍රියාත්මක වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.


    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජාතික මට්ටමින් මේ වන විට ආරම්භ කර ඇති මත්ද්‍රව්‍ය නිවාරණ, වකුගඩු නිවාරණ, සුරකිමු දරුවන්, ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඇතුළු ප්‍රධාන ජාතික වැඩසටහන් 10කට අදාලව මහජනතාව බිම් මට්ටමේ සිට දැනුවත් කරමින් ජනතාවට ප්‍රතිලාභ අත්පත්කර දීමට කටයුතු කරන අතර ග්‍රාමීය මට්ටමෙන් ක්‍රියාත්මක වන සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන් නගා සිටුවීම, කෘෂිකාර්මික තාක්ෂණික දැනුම දියුණු කිරීම, කෘෂි උපකරණ හා ආම්පන්න ලබාදීම, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන් දිරිමත් කිරීම ඇතුළු ග්‍රාමීය ව්‍යවසායක්තවය ප්‍රවර්ධනය කරන වැඩ සටහන් රාශියක්ද මෙම සතිය පුරා ක්‍රියාවට නැංවීමට නියමිතව තිබේ.

    පෙර පාසල් දරුවාගේ සිට සමස්ත වැඩිහිටියන් ඉලක්ක කරගෙන විවිධ විෂයන් යටතේ මාර්ගෝපදේශන හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙමගින් ක්‍රියාත්මක කෙරෙන අතර විශේෂයෙන් පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ, සාරධර්ම සංවර්ධන, ආගමික සහජීවනය වැනි වැඩසටහන් ක්‍රියාත්මක වේ. එමෙන්ම, බිම් මට්ටමේ ජනතාව දැනුවත් කිරීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලය හා අදාල රේඛීය අමාත්‍යාංශවල නිලධාරීන් මෙම සතිය පුරා මෙම වැඩසටහන යටතේ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළුවලට සහභාගී වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

    ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන ගම්පහ, මහර, දිවුලපිටිය, අත්තනගල්ල, දොම්පෙ, බියගම, වත්තල, මිනුවන්ගොඩ, ජාඇල, මීගමුව, කටාන, මීරිගම හා කැලණිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවගේ මෙතෙක් නොවිසදුණු ගැටලු හඳුනාගනිමින් එම ගැටලු විසදීම සදහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ජංගම සේවා වැඩසටහන්ද මෙම සතිය පුරා ක්‍රියාත්මක කෙරෙන අතර ඒ යටතේ හැඳුනුම්පත් ලබාගැනීම, විශ්‍රාම වැටුප්, ඉඩම් හිමිකම්, විශේෂ බලපත්‍ර, රැකියා අවස්ථා ආදී ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීම ද රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන මගින් ක්‍රියාත්මක වේ.

    ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා පොලීසිය ඒකාබද්ධව පාරිසරික හා වෙරළ සංරක්ෂණ ව්‍යාපෘති යටතේ කුණු කසළවලින් තොරව පිරිසිදු වෙරළ තීරයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් මහජන සහභාගිත්වයෙන්
    වෙරළ පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් ද මෙම සතිය පුරා ක්‍රියාත්මක වන අතර මෙම දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහාද වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක වේ.

    අද (29) දින සිට අගෝස්තු මස 05 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ සමස්ත ප්‍රගතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ විශේෂ විමර්ශනයට ලක්වන අතර රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන තුළින් මෙම දිස්ත්‍රික්කයට ලබාදුන් ප්‍රතිලාභ පිළිබදව ඇගයීමක් කරමින් සමාප්ති වැඩසටහන අගෝස්තු මස 05 වන දින දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර මෙහි දී හඳුනාගත් විශේෂ ප්‍රතිලාභීන් පිරිසකට ප්‍රදානයන් රැසක් සිදුකිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය අවධාරණය කරයි.

    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.