අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර ආරක්ෂණයටත් එන්ටර්ප්‍රයිස් ණය ආධාර

    ජූලි 28, 2019

    වාණිජ අරමුණු වෙනුවෙන් ම ව්‍යවසායකයින් බිහිකිරීමෙන් එපිටට ගොස් පරිසර ආරක්ෂණයට අවශ්‍ය ව්‍යවසායකයින් බිහිකිරීමට ද එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහනේ අවධානය යොමු වී ඇත.


    ඒ යටතේ ක්‍රියාත්මක වන ප්‍රධානතම ණය යෝජනා ක්‍රමය වන්නේ "හරිත ණය" යෝජනා ක්‍රමයයි. කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක කරන මෙම ණය යෝජනා ක්‍රමය සඳහා දිරාපත් වන අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ නිෂ්පාදනය කරන්නන් හා කාබනික පොහොර නිපදවන්නන් හඳුනා ගෙන ඇත. මේ යටතේ ඉතා අඩු පොලියකට රුපියල් මිලියනයක් දක්වා ණය ලබා ගැනීමට හැකියාව පවති.


    දෙවන කාණ්ඩය යටතේ උපරිම කාමර 5කට යටත්ව පරිසරය ආරක්ෂා වන අයුරින් සංචාරක කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින්ට 6%ක පොලියකට රුපියල් මිලියන 5 දක්වා ණය මුදල් ලබා ගැනීමට පුළුවන. හරිත ණයයෝජනා ක්‍රමය යටතේ ලබා ගන්නා ණය මුදල ආපසු පියවීම සඳහා වසරක සහන කාලයක් සමඟ වසර 10 ක කාලයක් ලබා දී ඇත.


    ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, පෑන් ඒෂියා බැංකුව, එච්.එස්.බි.සි. බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ අමානා බැංකුව ණය ආධාර ලබා දෙන මූල්‍ය ආයතනවේ.

    විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය - අනුරාධපුරය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.