අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් සමඟින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නිම වේ

    ජූලි 28, 2019

    ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් දිරිගැන්වීමේ අරමුණින් ආරම්භ කරන ලද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් කෝටි 429 ක ණය ලබාදී අතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.


    දිවයින පුරා විසිරී සිටින දක්ෂතා ඇති තරුණ තරුණියන්ට ඔවුන්ගේ දක්ෂතා වානිජ මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාව ලබාදීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනය ආරම්භ කළ බවත් මෙම ප්‍රදර්ශනය හරහා ඔවුන්ට අවශ්‍ය උපදෙස් සහ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ක්‍රමවේදයක් ඒ හරහා ඇති කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ පවත්වන ලද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අවසන් කිරීමට පෙර පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.


    මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා ලක්ෂ දෙකහමාරක පමණ ජනකායක් පැමිණි බවත්, ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර තිබූ ව්‍යවසායකත්ව කලාපයට ව්‍යවසායන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විශාල පිරිසක් සහභාගි වූ බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා එම පිරිසෙන් 2,000ක් පමණ බැංකු ණය ලබා ගැනීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබු බවත් ප්‍රකාශ කළේය.


    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ජූලි 24 වන දින සිට 27 වන දා දක්වා පැවැත්විණි. ඒ හරහා අනුරාධපුරයේ තරුණ තරුණියන්ගේ දක්ෂතා එළි දැක්වීම අවස්ථාවක් වූ අතර ප්‍රදේශයේ මාර්ග හා වැව් පද්ධතීන් රැසක් සංවර්ධනයට ද පිටුවහලක් විය.
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන බැංකුවල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කවුළු 67 ක් ආරම්භ කර ඇති අතර ඒ හරහා ණය අපේක්ෂකයින්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා ගැනීමට ඉඩ සලසා ඇත. එමෙන්ම දරුවන්ගේ ආරක්ෂාව වැඩිකිරීම සඳහා ආරම්භ කර ඇති දිවා සුරුකුම් මධ්‍යස්ථාන පෞද්ගලිකව ආරම්භ කිරීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය ලබා දෙන බව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ ළමා හා කාන්තා කටයුතු හා වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළේය.

    විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය - අනුරාධපුරය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.