අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාවසායකයින් දිරිගැන්වීමට ණය යෝජනා ක්‍රම 17ක්

    ජූලි 25, 2019

    "පොහොසත් රටක් ව්‍යාවසායක පාරාදීසයක්" යන දැක්ම යටතේ එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහන මඟින් ණය යෝජනා ක්‍රම 17ක් රජය විසින්  ක්‍රියාත්මක කර ඇත.

    මේ යටතේ රුපියල් 50,000 සිට රුපියල් මිලියන 750 දක්වා ණය මුදල් ව්‍යාවසායකයන් සඳහා නිකුත් කෙරේ. උපාධිධාරීන්, ස්වයංරැකියාලාභීන් හා මාධ්‍යවේදින් සඳහා පොලී රහිත ණය ලබා දෙන අතර සෙසු ව්‍යාවසායක කණ්ඩායම් සඳහා ණය නිකුත් කරනු ලබන්නේ අවම පොලී යටතේය.


    ව්‍යවසායකයින් දස ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් රජය ආරම්භ කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් එක් ව්‍යවසායකයෙකු හරහා සෘජු රැකියා අවස්ථා 05 - 50 ත් අතර ප්‍රමාණයක් බිහිකරවීම රජයේ අපේක්ෂාවයි.
    ජුනි 24 වන දින සිට 27 වන දා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක ජීවත්වන ලක්ෂ නවයකට (09) අධික ජනතාවට තම ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සහ දැනුම අවබෝධය ලබා ගැනීමට මෙමඟින් අවස්ථාව සලසා දී ඇත.

    අද දින (25) සවස් භාගය වන විට ව්‍යාවසායකයින් දහසකට අධික පිරිසක් ණය ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ව්‍යාවසායකත්ව කලාපය වෙත පැමිණ තිබීම විශේෂත්වයකි.

    විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය - අනුරාධපුරය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.