අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට අග්‍රාමාත්‍යතුමා එක් වෙයි

    ජූලි 24, 2019

    ශ්‍රී ලංකාව ව්‍යවසායකත්වයෙන් බලගැන්වූ දියුණු රටක් බවට පත් කිරීමේ අරමුණින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් මෙම ප්‍රදර්ශනය මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


    අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ අද (24) ආරම්භ වූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට අද සවස එක්වෙමින් ගරු ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම අදහස් ප්‍රකාශ කළේය.
    මුළු ප්‍රදර්ශනය භූමිය පුරා පැවති සෑම ප්‍රදර්ශන කලාපයක් ම නිරීක්ෂණය කළ ගරු අග්‍රාමාත්‍යතුමා තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා සංකේතවත් ලෙස ණයපත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කරන ලදී.
    ග්‍රාමීය මට්ටමේ සිටින ව්‍යවසායකයින් දිරිගන්වා ලෝක මට්ටමින් තරග කළ හැකි ව්‍යවසායකයන් බවට පත් කිරීම මෙම වැඩසටහනින් බලාපොරොත්තු වන බව මෙම අවස්ථාවට එක් වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
    විශාල ණය යෝජනා ක්‍රම රාශියක් මෙම ව්‍යවසායකයන් සඳහා ක්‍රියාත්මක කර ඇති අතර උපාධිධාරීන් සඳහා පිරිනමන පොලී රහිත ණය යෝජනා ක්‍රමය මේ අතරින්
    විශේෂ එකක් බව මංගල සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    ගරු අග්‍රාමාත්‍යතුමාගේ මෙම විශේෂ නිරීක්ෂණ අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානී බණ්ඩාර, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන යන මහත්ම මහත්මීන් ද එක් විය.

     

    විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය - අනුරාධපුරය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.