අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය-“යොවුන් පුරය - 2019” සියලු කටයුතු සූදානම්

    මාර්තු 27, 2019

    “යොවුන් පුරය - 2019” සමාරම්භක උළෙල හම්බන්තොට, වීරවිල පශු සම්පත් සංවර්ධන ගොවිපල පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවති.

    ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි හා පුනරුත්ථාපන , උතුරු සංවර්ධන , වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන මාර්තු 27 සිට 30 දක්වා පැවැත්වෙන අතර තරුණ තරුණියන් 8000 කට අධික පිරිසක් මීට සහභාගි වෙති.

    1984 වර්ෂයේ දී යෞවන කටයුතු හා රැකි රක්ෂා අමාත්‍යවරයා වූ වත්මන් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සංකල්පයක් අනුව යොවුන් පුරය වැඩසටහන ආරම්භ විය.

    මෙවර යොවුන් පුරයේ අරමුණු අතර ජාතික සංහිඳියාව පිළිබඳ අවබෝධයක් ලබාදීම හා අත්දැකීම් හුවමාරුව, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ නියමුවන් ලෙස කටයුතු කිරීමට සූදානම් කිරීම, තරුණ සංවර්ධනයේ දී තොරතුරු තාක්ෂණය හා මාධ්‍ය භාවිතය පුළුල් කිරීම ආදිය සුවිශේෂි වේ.

    අධ්‍යාපන හා තාක්ෂණික වැඩසටහන්, නායකත්ව පුහුණු පෞරෂත්ව සංවර්ධන හා ක්‍රීඩා වැඩසටහන්, මාධ්‍ය ප්‍රදර්ශන, සංගීත රසවින්දනාත්මක වැඩසටහන්, යොවුන් කුමර කුමරා තේරීම ආදීය මෙහි ක්‍රියාත්මක වැඩසටහන් අතර ප්‍රමුඛ වේ.

    යොවුන්පුර විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.