අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය- පුත්තලම දිස්ත්‍රික්කයේ මෙතෙක් නොවිසුදුනු ඉඩම් ගැටලුවලට කඩිනම් විසඳුම්

    මාර්තු 21, 2019

    රට වෙනුවෙන් එකට සිටිමු වැඩ සටහන සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ මෙතෙක් නොවිසුදුනු ඉඩම් ගැටලුවලට කඩිනම් විසඳුම් ගැටලු විසඳූ ඉඩම් ඔප්පු 1200ක් ජනපති අතින් හෙට (22 දා) ජනතා අයිතියට

    පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙන ඉඩම් ගැටලුවලට “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනට සමගාමීව ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ 16ක් පුරා ක්‍රියාවට නංවා ඇති ඉඩම් ගැටලුවලට විසඳුම් ලබාදීමේ වැඩ සටහන යටතේ ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් ඉඩම් ගැටලු විසඳා නව ඔප්පු හා හිමිකම් 1200ක් හෙට (22) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම නගරයේ දී පැවැත්වෙන “රට වෙනුවෙන් එකට සිටිමු” සමාප්ති උළෙලේදී බෙදා දීමට කටයුතු කරන බව පුත්තලම දිස්ත්‍රික් ලෙක්ම් කාර්යාලය පවසයි.


    මෙම ඉඩම් ගැටලු විසඳීමේ ජංගම සේවය පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල 16ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ. මෙතෙක් ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය මඟින් සෘජුව විසඳා ගැනීමට නොහැකි වූ ඉඩම් ගැටලු දහස් ගණනක් දීර්ඝ කාලයක් මුළුල්ලේ හඳුනාගෙන තිබූ නමුත් එම ගැටලු විසඳීම සඳහා අනෙකුත් රාජ්‍ය ආයතනවල සේවය එකම ස්ථානයක එකම වහලක් යට‍ෙත් දී මහජනතාවට විසඳා දීම සඳහා කටයුතු කිරීමට තිබූ බාධාවන් හඳුනාගෙන “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන මඟින් අනෙකුත් රාජ්‍ය ආයතනවල සේවය ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට ලබාදීම හේතුවෙන් ජනතාවට මෙම විශේෂ ප්‍රතිලාභයන් ලබාදීමට හැකි වී තිබේ.


    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩ සටහන මඟින් ඉඩම් අමාත්‍යාංශය ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දායකත්වය සෘජුවම ලබාගෙන මෙම සතිය පුරා ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කළ මෙම වැඩ සටහන මඟින් ඉඩම් හිමිකම් හා ඉඩම් ඔප්පු 1200කට අධික ප්‍රමාණයක ගැටලු විසදා ජනතාවට සහන ලබාදීමට හැකි වීම මෙම වැඩ සටහන සාර්ථකත්වය බව ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවාය. ඒෙමන්මමම සතිය තුළදී දිස්ති්‍රක්කය පුරා එවැනි ඉඩම් ගැටලු 5000කට අාසන්න ප්‍රමාණයක් විසඳීමට තමදපාර්තෙම්න්තුව අෙප්ක්ෂා කරන බව ද  ප්‍රකාශ කළාය.

    මෙම ඉඩම් ගැටලු විසඳීමේ වැඩසටහනට ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඒකාබද්ධ කටයුතු කරන බව ද අැය පැවසුවා.

    දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.