අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය- මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන යටතේ මුන්දලම පොලීසියෙන් මෙහෙයුමක්

    මාර්තු 21, 2019

    රට වෙනුවෙන් එකට සිටිමු මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන යටතේ මුන්දලම පොලීසිය අද (21) දින කළ වැටලීමකින් හෙරොයින් පැකට් 60ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට.

    පුත්තලම දිස්ත්‍රික්කය තුළ පොලිස් කොට්ඨාස 17ක් කේන්ද්‍ර කොට ගෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව මාර්තු මස 18වන දින සිට සිදු කරන ලද නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම්වලට අනුව අද (21) වන දින මුන්දලම පොලිස් බල ප්‍රදේශයේ 10 කණුව අසලදී පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් සිදු කරන ලද වාහන සෝදිසි කිරීමකදී සැක කටයුතු ත්‍රීවීලර් රථයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් පැකට් 60ක් සොයා ගත් අතර එහිදී එම හෙරොයින් පැකට් ලග තබා ගත් පුද්ගලයෙකු ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව මුන්දලම පොලීසිය පවසයි.


    මුන්දලම පොලීසියට පුද්ගලයින්ගෙන් ලැබුණු ඔත්තුවක් මත මෙම සෝදිසි මෙහෙයුම සිදු කළ අතර මෙහිදී මෙම පුද්ගලයන් පැමිණි ත්‍රීවීලර් රථය හා ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 4ක්ද අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.බී.එම්.එස්.ඒකනායක මහතා පවසයි.


    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපෘතියට ප්‍රමුඛත්වය දෙමින් පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාස 17ක සිදු කළ නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැටලීම් 200ට අධික ප්‍රමාණයක් මගින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන මේවන විටත් අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇතැයි පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි.

    දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.