අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය- කල්පිටිය මුුහුදු තීරයේ කඩොලාන වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්

    මාර්තු 21, 2019

    පුත්තලම් දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරයේ කෙන්ද්‍රස්ථානයක් වන කල්පිටිය මුුහුදු තීරයේ කඩොලාන වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්

    රට වෙනුවෙන් එකට සිටිමු ව්‍යාපෘතිය වෙනුවෙන් කල්පිටිය ප්‍රාද්ශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ වැඩසටහනට විදේශීය සංචාරකයින් ද එක්වෙති

    ශ්‍රී ලාංකාවේ මුහුදු තීරය වර්තමානයේ මුහුණදී තිබෙන බරපතළ පාරිසරික ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති කඩොලාන විනාශ කිරීමේ ගැටලුවට කල්පිටිය මුහුදු තීරය ද මුහුණ දී සිටී. දිවයිනේ සංචාරක කලාපයන් අතර ආකර්ශණීය සංචාරක කේන්ද්‍රස්ථානයක්
    වන කල්පිටිය මුහුදු තීරයේ පාරිසරික ආරක්ෂාවත්, අලංකරණයත් උදෙසා කඩොලාන වගාකිරීමේ ව්‍යාපෘතියක් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ කල්පිටිය ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ විශේෂ ව්‍යාපෘතිය අද (21) පෙරවරුවේ කල්පිටිය මුහුදු තීරයේදී පැවැත්විණි.

    මෙම කඩොලාන සිටිවීම සඳහා විදේශ සංචාරකයන් ද පිරිසක් එක්වීම ද විශේෂයක්. ප්‍රදේශවාසී ජනතාව මෙන්ම නාවික හමුදාවේ ද සහයෝගයෙන් කල්පිටිය ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කරමින් කඩොලාන ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබද ප්‍රදේශවාසීන් දැනුවත් කෙරිණි.

    රජයේ විශේෂ අනුග්‍රහය මත ඉදිරියේ දී සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ වැඩසටහනට අනුව කල්පිටිය සංචාරක විශේෂ කලාපයක් වන බැවින් එය සුන්දර මුහුදු තීරයක් බවට පත්කර ගැනීම පිළිබඳව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය, පරිසර අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව එක්ව රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනහට එක් වෙමින් මෙම සතිය පුරා තවත් මෙවැනි කඩොලාන රෝපණය කිරීමේ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නගා ඇති බව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා මෙහිදී අවධාරණය කළා.

    දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.