අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය - පුත්තලම දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට විකල්ප බලශක්ති හඳුන්වාදීමේ සූර්ය බලශක්ති ජල පොම්ප වැඩ සටහන සාර්ථකයි

    මාර්තු 21, 2019

    ප්‍රවෘත්ති නිවේදනය - පුත්තලම දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට විකල්ප බලශක්ති හඳුන්වාදීමේ සූර්ය බලශක්ති ජල පොම්ප වැඩ සටහන සාර්ථකයි


    ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර නිෂ්පාදන වැඩසටහන මඟින් සූර්ය බල ජල පොම්ප 200ක් ලබා දෙයි


    පුත්තලම දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රෙයේ බෝග වගාවට දායක වී සිටින ගොවීන් කාලාන්තරයක් මුළුල්ලේ මුහුණ දුන් කෘෂි ගැටලු අතර විදුලිබල ජල පොම්ප භාවිතය හා ඉන්ධන ජල පොම්ප භාවිතය ඔවුන්ගේ නිෂ්පාදන වියදම් අධික වීමට හේතු වූ බැවින් ඊට විකල්පයක් ලෙස ගොවීන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර නිෂ්පාදන වැඩසටහන මඟින් විකල්ප බලශක්ති හඳුන්වා දීමේ වැඩසටහන මඟින් සූර්ය බල ජල පොම්ප ලබාදීම පුත්තලම දිස්ත්‍රික්කයේ කෘෂි ගොවීන්ට මහත් සහනයක් ලැබී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙයවන ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහන මඟින් 2016 වසරේ සිට පුත්තලම දිස්ත්‍රික්කයේ කෘෂිකර්මික භෝග වගාවට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා සූර්යබල ජල පොම්ප ලබා දී ඇති අතර මේ වනවිට ප්‍රෙද්ශය පුරා එම යන්ත්‍ර 200ක් පමණ කෘෂිකාර්මික කටයුතුවලට යොදවා ඇතැයි ජනාධිපති කාර්යාලයේ ආහාර නිෂ්පාදන අංශයේ සහකාර අධ්‍යක්ෂ බී. එම්. විජේසිංහ බණ්ඩාර මහතා පවසයි.

    මෙම ව්‍යපෘතිය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මේ වන විට රු. මිලියන 80ක ප්‍රතිපාදන දරා ඇති අතර කෘෂි කාර්මික ක්ෂේත්‍රය මුහුණ දෙන තවත් ගැටලුවක් වන මිනිස් ශ්‍රම සම්පත් හිඟයට පිළියමක් ලෙස පුත්තලම ගොවීන්ට කෘෂි යන්ත්‍ර හඳුන්වාදීමේ වැඩ සටහන යටතේද රු. මිලියන 10ක් වැය කරමින් කෘෂි යන්ත්‍ර 400කට ආසන්න ප්‍රමාණයක් මෙම ප්‍රෙද්ශයට ලබා දී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසයි.

    ජනාධිපතුමන්ගේ සංකල්පයක්අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්තු මස 18 දින සිට 22 දක්වා ක්‍රියාත්මක වන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩ සටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කෘෂි ගොවීන් 75 දෙනෙකුට විකල්ප බලශක්ති සූර්යබල ජල පොම්ප සංකේතාත්මකව බෙදාදීම හෙට (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම නගරයේ දී පැවැත්වෙන සමාප්ති උළෙලේ දී සිදුකරන බවද හෙතෙම අවධාරණය කළේය.

    පුත්තලම් දිස්ත්‍රික්කයේ කෘෂි පාරිසරික කලාප 7කින් යුක්ත වන අතර එළවළු වගාව හෙක්ටයාර 5400ක භූමි භාගයක සිදු කරන අතර පළතුරු වගාව හෙක්ටයාර 6300ක සිදුකරනු ලබයි. මීට අමතරව අතිරේක භෝග වගාවන් හෙක්ටයාර 6700ක සිදුකරන අතර දිස්ත්‍රික්කයේ වී වගාව මහා වාරිමාර්ග යටතේ හෙක්ටයාර 9900ක ද සුළු වාරිමාර්ග යටතේ හෙක්ටයාර 12400ක ද වර්ෂා පෝෂිත වාරි ක්‍රමය යටතේ හෙක්ටයාර 3400ක් වගාකරන බව පුත්තලම කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

    දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථාන
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.