මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී මත්පැන්වලින් තොර කලාපයක්- පුනරුත්ථාපනයට නාවික හමුදාවේ හා ස්වේච්ඡා සංවිධානවල සහය

    මාර්තු 21, 2019

    ප්‍රවෘත්ති නිවේදනය

    පුත්තලම දිස්ත්‍රික්කයේ නීති විරෝධී මත්පැන්වලින් තොර කලාපයක් කිරීමට හොර මත්පැන් අලෙවිකරුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩ සටහනක් රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනට සමගාමීව පොලිස් කොට්ඨාශ 17ක ක්‍රියාත්මකයි.
    .....


    මාර්තු මස 18 දින සිට 22 දින දක්වා පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩ සටහනට සමඟාමීව ජනාධිපති ලේකම් කාර්යාලය පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාවට නංවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ සටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශ 17ක් ඉලක්ක කරගෙන හොර මත්පැන් අලෙවිකරුවන් හා ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් 100කට අධික සංඛ්‍යාවක් මේ වනවිට සිදුකර තිබේ.

    නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීමේ කාර්යන්ට සම්බන්ධ අත්අඩංගුවට ගන්නා මෙම පිරිස් යලිත් එවැනි නීති විරෝධී ක්‍රියාවලට යොමු වීම වළක්වාලමින් ඔවුන් සමාජයේ යහපත් පුරවැසියන් බවට පත් කිරීම සඳහා සමාජ විද්‍යාත්මක හා ඔවුන් පිළිබඳව තොරතුරු අධ්‍යනය කර රැකියා නොමැති ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, දරිද්‍රතා හා වෙනත් ගැටලු හඳුනාගෙන එම ගැටලුවලට විසඳුම් ලබාදීමේ වැඩ සටහන් ද රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩ සටහන මඟින් ක්‍රියාවට නංවා තිබේ.

    මේ යටතේ නාවික හමුදාවේ හා වෘත්තීය මාර්ගෝපදේශන අංශවල මෙන්ම ස්වේච්ඡා සංවිධානවලද සහයෝගයෙන් නීති විරෝධී මත්පැන් අලෙවිකරුවන් 50ක් හඳුනාගෙන ඔවුන් පුනරුත්ථාපනය කර සුදුසු රැකියාවලට යොමු කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර ඉදිරියේදී පොලිසියේ සහය ඇතිව මෙම හඳුනාගන්නා පුද්ගලයන්ට යළි එවැනි සමාජ විරෝධී කටයුතුවල නිරත නොවීම සඳහා දිගුකාලීන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය අවධාරණය කරයි.

    දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.