අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනයයි- රජයේ ආධාර ලබන රෝගීන්ගේ රැකවරණය හා සුරක්ෂාව පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

    මාර්තු 20, 2019

    රට වෙනුවෙන් එකට සිටිමු වැඩ සටහනට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ රජයේ ආධාර ලබන රෝගීන්ගේ රැකවරණය හා සුරක්ෂාව පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ රජයේ ආධාර ලබන විවිධ රෝගාබාධවලින් පෙළෙන රෝගී ජනතාවගේ රැකවරණය හා ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ආරම්භ කර තිබේ.

     

    මේ යටතේ දිස්ත්‍රික්කයේ මහජන පවුල් සෞඛ්‍ය සේවිකාවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිළධාරීන්, සමාජ සේවා නිළධාරීන්, පොලිස් නිළධාරීන් ඇතුලු මහජන සේවා ඉටු කරනු ලබන රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩ
    සටහනක් පසුගියදා පුත්තලම නගර ශාලාවේදී පැවැත්වුණි.

     

    මේ වැඩසටහන යටතේ ක්ෂය රෝගය සඳහා ආධාර ලබන රෝගීන් 15, පිළිකා රෝගීන් 1700ක්, තැලසීමියා රෝගීන් 150ක්, ලාදුරු රෝගීන් 15ක්, වැඩි හිටි ආධාර ලබන රෝගීන් 15400, ඇතුලුව පුත්තලම් දිස්ත්‍රික්කය තුල අධාර ලබන පුද්ගලයින් 40000ක් පමණ හඳුනාගෙන තිබේ. මෙම රෝගීන් හා වැඩිහිටියන් රැක බලා ගැනීම හා ඔවුන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙස රාජ්‍ය නිළධාරීන් දැනුවත් කර ජනතාවට උපරිම මහජන සේවාවක් ලබාදීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ මෙම සතිය පුරා ක්‍රියාත්මක වන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩ සටහන තුළින් දැනුවත් කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.