අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථික කටයුතු නංවාලීම සඳහා හස්ත කර්මාන්ත ව්‍යාපෘති යටතේ නාත්තන්ඩිය නවගත්තේගම, හලාවත ප්‍රදේශවල ව්‍යාපෘති රැසක්

    මාර්තු 20, 2019

    ප්‍රවෘත්ති නිවේදනයයි- පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථික කටයුතු නංවාලීම සඳහා හස්ත කර්මාන්ත ව්‍යාපෘති යටතේ නාත්තන්ඩිය නවගත්තේගම, හලාවත ප්‍රදේශවල ව්‍යාපෘති රැසක්. -රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථික කටයුතු දියුණු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි පසුගිය වසරේ ආරම්භ කළ ග්‍රාම ශක්ති ජාතික වැඩ සටහන තුළින් ග්‍රාම නිලධාරී වසම් 548ක් ආවරණය වන පරිදි විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් ග්‍රාමීය මට්ටමෙන් ක්‍රියාත්මක වේ. ග්‍රාම ශක්ති වැඩ සටහනට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථික කටයුතු දියුණු කිරීමේ නව වැඩ සටහනක් ලෙස හලාවත, නාත්තන්ඩිය නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වේවැල් කර්මාන්තය, අත්කම් ග්‍රාමීය කර්මාන්ත හා කුඹල් කර්මාන්තය දියුණු කිරීම සඳහා රජය පසුගිය වසරේ රුපියල් මිලියනයක් වැය කර තිබේ.


    ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන සෑම ව්‍යාපෘතියක් තුළින්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය මත ජනතාවට උපරිම මහජන සේවාවක් ලබා දීමට කටයුතු කරන අතර එම වැඩසටහන් තවදුරටත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා රට වෙනුවෙන් එකට සිටිමු ජාතික ව්‍යාපාර‌යේමහජනතාව දැනුවත් කිරීමේ සතියක් පුරා ක්‍රියාත්මක කරන වැඩ සටහන තුළින් එවැනි ආර්ථික කටයුතුවල යෙදී සිටින කුඩා ව්‍යවසායකයින්, නිෂ්පාදකයින් දිරිමත් කිරීමේ වැඩසටහන් රාශියක් මාර්තු මස 18 වන දින සිට 22 දක්වා ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය -

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.