අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනයයි - “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩ සටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිහිටි ප්‍රජාව දැනුවත් කෙරේ

    මාර්තු 20, 2019

    විශ්‍රාම වැටුප්, නීති සහන, ප්‍රජා සත්කාර, සමාජ සංවර්ධන හා ආර්ථික කටයුතු යන විෂයන් යටතේ අධිකරණ අමාත්‍යාංශය වැඩිහිටියන් දැනුවත් කරයි.- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 548ක ජීවත් වන වැඩි හිටි ප්‍රජාවට බලපා තිබෙන නීති ගැටලු හා නීති සහන සේවා ලබා ගැනීමේදී ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සැලකිල්ලට ගෙන විශ්‍රාම වැටුප්, සේවක අර්ථසාධක, වැඩි හිටි සමාජ සත්කාර අරමුදල්, සෞඛ්‍ය සහන සේවා නොසලකා හැරීම්, නීති ආධාර, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, දේපළ උරුම යනාදී ගැටලු පිළිබඳව වැඩිහිටි ප්‍රජාව දැනුවත් කිරීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විශේෂ වැඩසටහනක් “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩ සටහන යටතේ  (19) දින පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.


    මෙම දැනුවත් කිරීමේ වැඩසටහන අධිකරණ අමාත්‍යාංශයේ නීති ආධාර කොමිසම හා නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදී. මෙහිදී ජීවිතයේ සැදෑ සමය ගත කරන වැඩිහිටි ජනතාවගේ පෝෂණය හා සංවර්ධනය ශක්තිමත් කර, ගතින් සිතින් ශක්තිමත් යහපත් පුරවැසියකු ලෙස සමාජයේ ජීවත් වෙමින් වැඩිහිටිවිය සමාජයට බරක් නොවී පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දීම සිදුවිය. එමෙන්ම වැඩිහිටි වියේදී බලපාන නොසලකා හැරීම, දේපල උරුම නීති ගැටලු, විශ්‍රාම වැටුප් හා සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීම, ප්‍රජා සත්කාර වැඩසටහන් යන විෂයන් පිළිබඳවද මෙහිදී දැනුවත් කෙරිණි.


    වියපත්භාවය ලෝකයේ ‌බොහෝ රටවල ගැටලුවක් බවට පත්වී ඇති බැවින් වැඩිහිටි පුරවැසියන්ගේ සුරක්ෂිතභාවය සහතික කිරීම කෙරෙහි “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන තුළින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ජීවත්වන වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය අවධාරණය කරයි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි පුත්තලම ප්‍රාදේශීය ලේකම් එච්. ඒම්. සංජීවනී හේරත්, නීති ආධාර කොමිසමේ නීති නිලධාරී නීතිඥ කලණී මැදගොඩ නීතිඥ ප්‍රියංකා සමරතුංග යන මහත්ම මහත්මීන් පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වූහ.
     
    දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.