අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ දෙවන දිනය අදයි

    ජනවාරි 22, 2019

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම සහ උපදෙස් මත මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් සංවිධානය කරන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ දෙවන දිනය අදයි.

    දුම්වැටි, මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍යවලට පාසල් සිසුන් පෙළඹීම හා ඒවාට ආකර්ශණය අවම කිරීමේ අරමුණින් ඇරඹි මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප‍්‍රධාන කාර්ය වනුයේ ඔවුන්ට ඒවා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමයි.

    මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ සිදුකෙරන ශිෂ්‍ය කේන්ද්‍රීය වැඩසටහන් සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමතරව ගුරුවරුන්, දෙමව්පියන්, ආදි සිසුන් හා පාසල් ප‍්‍රජාව ද සහභාගී කර ගැනේ.

    සතියේ පළමු දිනය වූ ඊයේ දින පන්ති කාමරය තුළ සිසු දරුවන්ට මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීම් සිදු කෙරුණු අතර දෙවන දිනය වූ අද දෙමාපියන් පාසලට කැඳවා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබාදීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරිණි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මානසික සෞඛ්‍ය ඒකකය විසින් අද දින වැඩසටහන මෙහෙය වූ අතර දිවයින පුරා පාසල්වල එය කි‍්‍රයාත්මක විය.

    දරුවන් මත්ද්‍රව්‍යවලට නැඹුරුවීමට දෙමාපියන්ගෙන් ලැබෙන පිටුවහල සහ හේතුසාධක පිළිබඳ මෙහිදී දරුවන් විසින් ම දෙමාපියන් ඉදිරියේ ඉදිරිපත් කිරීම් සිදු කිරීම විශේෂත්වයකි.

    මෙහි ජාතික උත්සවය මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිලවආරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ කොළඹ 01, සී.ඞ්බ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

    මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චිත‍්‍රමාල් ද සිල්වා මහත්මිය ප‍්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.