අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිල්ටන් (Hilton) හා හයාට් (Hyatt) ව්‍යාපාර ආයෝජන පිළිබඳ රජය කරුණු පැහැදිළි කරයි

    ඔක්තෝබර් 22, 2018

    හිල්ටන් හා හියාට් හෝටල්වල ආයෝජනයන්ගේ ස්වභාවය පිළිබඳව මාධ්‍ය විසින් මෑත කාලීනව සිදුකර ඇති අදහස් දැක්වීම්වලට ප්‍රතිචාර වශයෙන්  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පහත පරිදි පැහැදිලි කිරීමක් සිදු කර ඇත:

    මෙම කර්තව්‍යයේ දී රජයේ අරමුණ වුයේ මෙම විකිණීම් ක්‍රියාවලිය සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන ආයෝජකයන් ගේ සුදුසුකම් පිළිබඳ පසුබිම් තොරතුරු පමණක් සරල ආකෘති පත්‍රයක් මගින් ලබා ගැනීම පමණකි. ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා ආයෝජකයන් හට තවදුරටත් කාලය අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා අවකාශ සලසා දිය හැකි වන අතර කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා මිල ගණන් අවශ්‍ය නොවේ.

     

    මේ සඳහා ලැබෙන ප්‍රතිචාර අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද අදාල කමිටු මගින් විශ්ලේෂණය කෙරෙනු ඇති අතර උචිත පාර්ශවයන් හෝටල් දෙක  පිළිබඳව විස්තරාත්මක ගිවිසුමක් ලබාදීමට පෙර හෙළිදරවු නොකිරීමේ ගිවිසුමකට ඇතුළත් කර ගැනෙනු ඇත. තෝරාගත් පාර්ශවයන් සඳහා නිකුත් කෙරෙන ඇගයීම්, නිසි උපයෝගීතාව,  පිරිනැමීම් හා අවසාන ලංසු ක්‍රියාවලිය පිළිබඳ විස්තරාත්මක උපදෙස් සහිත විධිමත්ව සකස් කරන ලද ලිපිය  ඉදිරි මාස කිහිපය  තුළ ලබා දෙනු ඇත.  

     

     මෙම ක්‍රියාවලියේ අරමුණ වන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති මුල්‍ය උපදෙශකවරුන් වන Lazard Asia සහ MTI Consulting Sri Lanka යන ආයතනයන්හි සහය ඇතිව ඒවායේ ගෝලීය කාර්යාලවල ගනුදෙනු කළහැකි මෙන්ම  අඛණ්ඩ වානිජමය පසුබිමක් ඇති  දේශිය හා විදේශීය ආයෝජකයන් ඉලක්ක කර ගැනීමය. ජාත්‍යන්තර හා දේශීය ආගන්තුක සත්කාර සිදු කළ හැකි  ආයෝජකයන් පිළිබඳව සොයා බලා ඔවුන් සම්බන්ධ කරගත හැකි ක්‍රමවේදයක් මේවන විටත් උපදේශකවරුන් විසින් සකස් කර ඇත. 

     

    සියලුම අදාල පාර්ශවයන් විසින් රහස්‍ය ගිවිසුම අත්සන් තැබීමේ මෙම මූලික පියවරෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අදාල කමිටුවේ අධීක්ෂණය යටතේ මිල කැඳවීමේ කටයුතු ආරම්භ වනු ඇති අතර ආයෝජකයින්ට මුල්‍ය ලංසු සහ කොන්දේසි ඉදිරිපත් කිරීම සඳහා මාස ගණනාවක් පුරා ප්‍රමාණවත් කාලය සීමාවක් ලැබෙනු ඇත.

     

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන,

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.