අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනය සඳහා සියලුම ජාතින්ගේ දායකත්වයේ වැදගත්කම “අහන්න” වැඩසටහන අවධාරණය කරයි

    ඔක්තෝබර් 22, 2018

    සංවර්ධනය සඳහා රටක සියලුම ජාතීන්ගේ දායකත්වය වැදගත් බව අහන්න වැඩසටහන් මාලාවේ දේශක, සිවිල් සංවිධාන නියෝජිත රාජා උස්වැටකෙයියාව මහතා  පවසයි. ඒ සඳහා ප්‍රථමයෙන්ම රටතුළ සංහිඳියාව වර්ධනය කර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරමින් පැවසුවේය. 

    අහන්න වැඩසටහනේ පස්වැනි අදියර හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ  (19)  දින පැවැති අතර එහිදී  ඔහු මෙම අදහස් පළකර සිටියේය.

    අද දින වැඩසටහන සඳහා නිදහසේ වේදිකාවේ හා වීදියේ විරෝධයෙහි සංවිධායක ප්‍රසංග ප්‍රනාන්දු හා  එකම දැයක් වෙනුවෙන් වෘත්තීකයින්ගේ එකමුතුවේ සමාජික චමින්ද මුණසිංහ යන මහත්වරුන් විසින් දේශන පවත්වන ලදී.

    අහන්න වැඩසටහන සඳහා හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විදයාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි ප්‍රේක්ෂා අබේනායක මහත්මිය ඇතුළු  ගුරු භවතුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද එක්ව සිටියහ. වැඩසටහන අවසානයේ ඔවුන් තම අදහස් දක්වමින්, මිශ්‍ර ජාතික පාසලක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ,අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර ගැනීමේ වැදගත්කම ද පැහැදිලි කෙරිණි.

    ජාතික සංහිඳියා යාන්ත්‍රණ කාර්යාලය මගීන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “අහන්න” වැඩසටහන තුළින්, කොළඹ දිස්ත්‍රික් පාසල් සමාජය දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාව  සාර්ථකව ක්‍රියාත්මක වන බවද සංහිඳියා කාර්යාල වැඩිදුරටත් නිවේදනය කරයි.

     

     

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.