අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය-සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය කරුණු පැහැදිලි කරයි

    සැප්තැම්බර් 28, 2018

    අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධව පළවූ විවිධ වාර්තා පිළිබඳව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය කරුණු පැහැදිලි කිරීම.

    අධි බලැති විදුලි දුම්රිය උපකරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට අදාල ව්‍යාපෘතියක් සම්බන්ධව මෑත කාලයේ මාධ්‍ය හරහා ලිපි ගණනාවක් පළවී තිබූ අතර ඒ හරහා එම ව්‍යාපෘතිය සම්බන්ධව වැරදි දුර්මත කිහිපයක්ම නිර්මාණය වී ඇති බව පැහැදිලි ලෙස ප්‍රකාශ කළ යුතුය.

    ප්‍රථමයෙන්ම මේ සම්බන්ධව අත්‍යාවශ්‍යයෙන්ම අවධාරණය කල යුතු කරුණ නම්, ප්‍රතිපත්තිමය කරුණක් අරබයා මිස ආයෝජන ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රියාවලියේදී අදාල අමාත්‍යවරුන් හෝ අමාත්‍යාංශ නිලධාරීන් සම්බන්ධ නොවන බවයි. ඕනෑම ආයෝජන ව්‍යාපෘතියක් අනුමත කිරීමට අදාල පිළිගත් ක්‍රියාපටිපටියක් ස්ථාපනය කර ඇත. මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘතීන් අනුමත කිරීම සඳහා රජය විසින් ක්‍රමානුකූල යාන්ත්‍රණයක් පිහිටුවා ඇති අතර එය වෘත්තීමය හා මනා විනිවිදභාවයකින් යුක්ත වන පරිදි ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව මහා පරිමාණ ව්‍යාපෘතීන් ඇගයීම හා ඊට අනුමැතිය ලබා දීමටත් එම ක්‍රියාවලිය වේගවත් කිරීම පිණිසත් 2016 දෙසැම්බර් මස ඉහළ මට්ටමේ කමිටුවක් පිහිටුවන ලදී. මෙය තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුව (SWIAC) ලෙස හඳුන්වන අතර එහි ප්‍රධානත්වය මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා දරන අතර පහත සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වේ. අතිගරු ජනාධිපතිතුමන්ගේ ආර්ථික උපදේශක, ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක, සභාපති - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, සභාපති - සංචාරක සංවර්ධන අධිකාරිය, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයාගේ තාක්ෂණික උපදේශක සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් යනාදී වශයෙනි.

    2016 සිට, මෙම කමිටුව රැස්වීම් 31 ක් පවත්වා තිබෙන අතර එම කාලය තුල මහා පරිමාණ ව්‍යාපෘති 54 ක් ඇගයීමට ලක්කොට ඇත. මේ අතරින් ව්‍යාපෘති 26 ක් අනුමත කර තිබෙන අතර ව්‍යාපෘති 5 ක් සම්බන්ධයෙන් නැවත කරුණු විමසා ඇත. මෙසේ නැවත කරුණු විමසීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ප්‍රමාණවත් පරිදි තොරතුරු සපයා නොතිබීමත්, ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අදාල ගැටළුය. ප්‍රශ්නාර්ථයකට තුඩුදී ඇති මෙම අධි බලැති දුම්රිය ව්‍යාපෘතිය මෙසේ වැඩිපුර කරුණු විමසා ඇති ව්‍යාපෘති පහෙන් එකක් වන අතර එයට හේතු වී ඇත්තේ ආයෝජකයා විසින් අසම්පූර්ණ තොරතුරු සපයා තිබීම තුල තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුවට එය අනුමත කිරීමේ හැකියාවක් නොමැති වීමයි.

    මෙම ක්‍රියාවලිය අනුව අදාල ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කොට නොමැති නමුත්, ආයෝජකයාගෙන් කමිටුව විසින් ඉල්ලා ඇති තොරතුරු සැපයීම අත්‍යාවශ්‍ය වන බැවින් ඉන් අනතුරුව අනුමැතිය ලබා දීමට සලකා බැලිය හැකි තත්ත්වයක තවදුරටත් පවතී.

    මෙසේ මෙම ව්‍යාපෘතියට අදාල අනුමැතීන් ලබාදීම මෙතෙක් කිරීමට නොහැකි වී ඇත්තේ ඉහත කී කමිටුවට ව්‍යාපෘති ආයෝජකයාට අදාලව පහත සඳහන් විස්තර ආයෝජකයා විසින් ඉදිරිපත් කල යුතු බැවිනි. සමාගමට අදාල අතීත වාර්තා, යොදාගන්නා තාක්ෂණය, ආයෝජකයාගේ මූල්‍ය විශ්වසනීයත්වය, වෙළඳපොල ශක්‍යතාවය හා අක්කර 4000 ක ඉඩමක අවශ්‍යතාවය නිසි පරිදි සාධාරණිකරණය කිරීමටත් ආදී කරුණු මීට අදාල වේ. ඒ අනුව 2017 ආගෝස්තු 04 වන දින කමිටුව මුණගැසුනු අතර ඉහත සඳහන් කරුණු පිළිබඳව එහිදී පැවති අපහැදිලිකම් හා ප්‍රමාණවත් නොවන තොරතුරු නිසා අවසාන තීරණයක් ගත නොහැකි වී ඇත.

    කමිටුව මඟින් පෙන්වා දී ඇති කරුණු වලට අදාල තොරතුරු ඉදිරිපත් කරමින් නැවත යෝජනා ඉදිරිපත් කරන ලෙස ආයෝජකයා හට ආයෝජන මණ්ඩලය විසින් දැනුම් දී ඇත.

    ඒ අනුව ආයෝජකයා විසින් අදාල යෝජනාව 2017 ඔක්තොම්බර් මස 11 වන දින නැවතත් භාර දී ඇත. නමුත් ඉහත ඉල්ලා සිටින තොරතුරු ඇතුලත් සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කිරීමට ආයෝජකයා එවරද අපොහොසත් වීම නිසා 2017 නොවැම්බර් 10 වන දින පැවති කමිටු රැස්වීමේ මෙම යෝජනාවට අනුමැතිය ලබාදීමට නොහැකි වී ඇත.

    එමනිසා ආයෝජකයාට සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් සපයන ලෙසට නැවත දැනුම් දෙමින් ලිපියක් නිකුත් කරන ලෙසට තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුව (SWIAC) විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට උපදෙස් දී ඇත.

    මෙසේ ඉල්ලා ඇති කරුණු තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුව (SWIAC) විසින් මූලික අවශ්‍යතාවයක් වශයෙන් සෑම ආයෝජකයෙකුගෙන්ම ඉල්ලා සිටිනු ලබන අතර එය මෙම ව්‍යාපෘතියට පමණක් සීමා වූවක් නොවේ. එම නිසා සෑම ආයෝජකයෙක්ම තම ව්‍යාපෘතියට අනුමැතිය ලබාගැනීමේදී තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුවට (SWIAC) ඉහත කී අත්‍යාවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම අනිවාර්ය කරුණකි. මෙම පදනම මත දැනට කමිටුව විසින් ව්‍යාපෘති 26 ක් සඳහා අනුමැතිය ලබාදී තිබෙන ඒ අතර නිෂ්පාදන ව්‍යාපෘති 14ක්, උපයෝගීතා අංශයේ ව්‍යාපෘති 05ක්, සංචාරක, කෘෂිකර්ම සහ තොරතරු තාක්ෂණයට අදාල ව්‍යාපෘති 03 ක් සහ යටිතල පහසුකම් සම්බන්ධ ව්‍යාපෘති 04 ක්ද වේ.

    රටට වාසිදායක ව්‍යාපෘතීන් වෙනුවෙන් පහසුකම් සපයන්නෙකු වශයෙන් ප්‍රධාන කාර්යභාරයක් සිදුකරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය තුල ඉතා විනිවිදභාවයකින් ක්‍රියාකොට ඇත. එමනිසා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධයෙන් නඟා ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි.

    එස්. විශ්වනාදන්
    මාධ්‍ය ලේකම්
    සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.