අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය හිමිවීමත් සමඟ රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වෙනවා

    -මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

     

     

    භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ......

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගිය දින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ එම අධිකාරිය යටතේ පාලනය වන ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය විශේෂ නිරීක්ෂණයට ලක් කෙරිණි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය තුල රාජකාරි කටයුතු සිදු වන ක්‍රමවේදය, එම කාර්ය මණ්ඩලයට පවතින රාජකාරිමය ගැටලු, පවතින භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් වල ගැටලු ආදි කරුණූ පිලිබදව අවබෝධයක් ලබා ගැනීම මෙන්ම ඊට අදාල විසදුම් ලබා දීමේ අරමුණින් මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කෙරිණි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පවතින වත්මන් ගැටලු පිලිබදව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම මහතා විසින් හා ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ පරීක්ෂණාගරයේ පවතින ගැටලු පිලිබදව එහි වැඩ බලන අධ්‍යක්ෂිකා ගෞරි කත්‍රිආරච්චි මහත්මිය විසින් ආමාත්‍යවරයා දැනුවත් කිරීමට මෙහිදී පියවර ගත්තේය.

    පවතින ගැටලු පිළිබද අවබෝධයක් ලබා ගත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට උපදෙස් දෙමින් කියා සිටියේ අවශ්‍යතාවය පරිදි කාර්ය මණ්ඩල සංශෝධන සිදු කරමින් අධිකාරියේ මානව සම්පත් සංවර්ධන කෙරෙහි නිසි අවධානයක් යොමු කරන ලෙසත්, අධිකාරියේ කාර්යභාරයට ගැලපෙන ලෙස තනතුරු අනුමත කර ගැනීමටද කටයුතු කරන ලෙසටය.

    ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරයේ යටිතල පහසුකම් හා අලුත්වැඩියා කටයුතු සිදු කිරීමටත්, එම පරීක්ෂණාගාරයට අවශ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම රසායනාගාර උපකරණ ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදය, සැලැස්ම කඩිනමින් සකස් කර සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීමට කටයුතු කරන ලෙසට වැඩ බලන අධ්‍යක්ෂිකා ගෞරි කත්‍රිආරච්චි මහත්මියට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

    සෞඛ්‍ය අමාත්‍යංශය වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට එහි රාජකාරි කටයුතු බාධාවකින් තොරව විධිමත්ව සිදු කර ගෙන යාම සදහා අවශ්‍ය සහය නිරතුරුව ලබා දීමට කටයුතු කරන බවත් එමගින් මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ හිගයකින්

    තොරව නිරතුරුව ලබා ගැනීමේ හැකියාව පවතින බවද මෙම කටයුතු සියල්ල විනිවිදභාවයකින් සිදුවිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2015.07.01 දින ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පියවර ගන්නා ලදී.

    මෙම නිරීක්ෂණ චාරිකාමය අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාද, ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක් වුහ.

     

     

     

     

     

     

    ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි.....

    කොළඹ ජාතික අක්ෂි රෝහලේ (14 දින) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සංකේත එක්දින වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබුණත් එය තාවකාලිකව අත්හිටුවා රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට තීරණය කල බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කරයි.

    ඔවුන් එම තීරණය ගනු ලැබුවේ (14 දින ) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සමඟ පැවති විශේෂ සාකච්ජාවකදීය. රෝහලේ පවතින ගැටලු වලට කඩිනම් විසදුම් ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය ලෙක්ම්වරයා මෙහිදී ප්‍රකාශ කලේය.

    මෙම සාකච්ජාමය අවස්ථාවට කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ ඒ.ආර්.එම් තවුෆික්, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී.පී.බටවල යන මහත්වරුන් හා අක්ෂි රෝග වි‌ශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වුහ.

     

     

    රුමේනියාවේ රැකියා පෙන්වා මුදල් ලබාගත් කාර්යාංශ නිළධාරියෙකුත් අත්අඩංගුවට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya