අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මින්මුතු සූර්ය උදානය" බක්මහ උළෙල

    මැයි 01, 2014

    ධීවර අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන එකමුතුවෙන් ප‍්‍රථම වරට පවත්වන ලද "මින්මුතු සූර්ය උදානය" බක්මහ උළෙල ඊයේ (30) පෙරවරුවේ කොළඹ, වනාතමුල්ල ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.


    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න හා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වුණි.


    අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කිරි ඉතිරවීමේ තරගය සඳහා අමාත්‍යාංශය ඇතුළු ආයතන හයක සේවිකාවන් තිදෙනා බැගින් සහභාගි වූහ. මෙම තරගයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ කණ්ඩායම ජයගත් අතර තරගයේ දෙවෙනි ස්ථානය නාරා ආයතනයට හිමි විය. තෙවෙනි ස්ථානය ධීවර දෙපාර්තමේන්තුවට හිමි කර ගැනිණි.


    මෙහිදී අලුත් අවුරුදු කී‍්‍රඩාවන් වන කණාමුට්ටි බිඳීම, බැලුන් පිපිරවීම, පොල්ගෑම, අවුරුදු කුමරිය, ජන ගී තරග, කඹ ඇඳීම, අලියාට ඇස තැබීම, පොල් අතු විවීම, ලිස්සන ගහ නැගීම, සංගීත පුටු තරගය, සංගීත තොප්පි තරගය, ජන ගී ගායනා තරග හා තවත් විශේෂ තරග රැ‍සක් පැවැත්විය.


    මෙම තරග සඳහා ධීවර අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන් වන ධීවර දෙපාර්තමේන්තුව, සී-නෝර් පදනම, ජලජීවි වගා සංවර්ධන අධිකාරිය, නාරා ආයතනය, ලංකා ධීවර සංස්ථාව, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව යන ආයතනවල සේවක සේවිකාවන් මෙන්ම ඔවුන්ගේ දරුවෝ ද සහභාගි වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya