අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 - ලෝක නර්තන දින සැමරුම් උළෙල අද යාපනයේ දී

    අප්‍රේල් 29, 2014
    2014 ලෝක නර්තන දින සැමරුම් උළෙල අද (29) පෙරවරු 9.00ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය, වීරසිංහම් ශාලාවේ දී පැවැත්වේ.
     
    නර්තන ශිල්පීන්ගේ සේවාව අගයකිරීම හා සැමරීම උදෙසා 1982 වර්ෂයේ දී යුනෙස්කෝ ආයතනය විසින් ලෝක නර්තන දිනය ලෙස අප්‍රේල් 29 වන දින ප්‍රකාශයට පත් කළ අතර එදින සිට සෑම වසරකම අප්‍රේල් 29 වන දිනට යෙදෙන ලෝක නර්තන දින සැමරුම උත්කර්ෂවත් ලෙස ශ්‍රී ලංකාවේ පවත්වා ඇත. 
     
    මෙවර ලෝක නර්තන දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නර්තන කලාවට අනුපමේය සේවයක් කළ විමල් නයනානන්ද, වෛරමුත්තු ශිවරාමලිංගම් හා ක්‍රිෂාන්ති රවීන්ද්‍ර යන මහත්ම මහත්මීන්ට ගෞරව උපහාර පිරිනැමීමට නියමිතය. 
     
    මහචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා හා ලීලාම්බිගේ සෙල්වරාජා මහතා විසින් පවත්වනු ලබන විශේෂ දේශන දෙකක් හා  නර්තන ප්‍රසංගයක් ද එහිදී පැවැත්වේ. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය එක්ව 2014 ලෝක නර්තන දින සැමරුම් උළෙල සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya