අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු සමුද්‍රාසන්න රටවල කලාපීය සහයෝගීතා සංගමයේ දෙදින වැඩමුළුව කොළඹදී

    අප්‍රේල් 28, 2014

    ඉන්දියානු සමුද්‍රාසන්න රටවල කලාපීය සහයෝගීතා සංගමයේ සමාජික රටවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන්,  කලාපීය සංස්කෘතික හුවමාරු වැඩසටහන යටතේ "උරුම කළමනාකරණය කිරීමේ ක‍්‍රමවේදය සැකසීම”යන මැයෙන් වැඩමුළුවක් සංවිධානය කොට ඇත.


    එය ලබන මැයි 5 - 6 යන දෙදින තුළ ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්වේ."කලාපීය මෙන්ම සාමාජික රාජ්‍යයන්හි තිරසාර තුළින් සංවර්ධනය  සහ ප‍්‍රවර්ධනය කිරීම" යන අරමුණින් ඉන්දියානු සමුද්‍රාසන්න රටවල කලාපීය සහයෝගීතා සංගමය පිහිටුවා ඇත. මෙය ඉන්දියන් සමුද්‍ර තීරය ආශ‍්‍රිත රටවල් 20කින් සැදුම්ලත් ජාත්‍යන්තර සංවිධානයකි. මෙය 1995 මාර්තු මාසයේදී මුරුසියේදී ස්ථාපිත කළ අතර, 1997 මාර්තු මස ඉන්දියානු සමුද්‍ර තීරුව ආශ‍්‍රිත රටවල කලාපීය සහයෝගිතා ප‍්‍රඥප්තිය බහුපාර්ශවීය සංවිධානවල එකඟතාවෙන් සකස් කරන ලදි. සියලු ම සාමාජිකරටවල හමුවක් දෙවසරකට වරක් පැවැත්වේ.

    ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, කොමරොස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, මුරුසිය, කෙන්යාව, මැඩගස්කරය, මැලේසියාව, මොසැම්බියාව,  ඕමානය, සීෂෙල්ඩ්, සිංගප්පූරුව, දකුණු අප‍්‍රිකාව, ශ‍්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත්අරාබි එමීර් රාජ්‍යය, යේමනය යන රටවල් මෙම සංවිධානයේ සාමාජික රටවල් වේ.

    සමුද්‍ර සුරක්‍ෂිතතාව හා ආරක්‍ෂණය, වෙළඳ හා ආයෝජන පහසුකම්, ධීවර කර්මාන්ත කළමනාකරණය, ආපදා කළමනාකරණය, ශාස්ත‍්‍රීය විද්‍යා හා තාක්ෂණික සහයෝගිතාව, සංචාරක ව්‍යාපාරය හා සංස්කෘතිය හුවමාරුව යන අංශ එම කලාපීය රටවල ප‍්‍රවර්ධනය හා සංවර්ධනය කළ යුතු යයි හඳුනාගෙන ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya