මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇළපාත බක් මහ උළෙල 27වනදා

    අප්‍රේල් 24, 2014


    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත ප්‍රාදේශීය ලේකම් රෝහණ සේනාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ සුභසාධක සංගමය මගින් සංවිධානය කරනු ලබන බක් මහ උළෙල එහි නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මේ මස 27 වන දින දවස පුරා ඇළපාත ඉසුරුපාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන බව ඇළපාත සහකාර ප්‍රාදේශීය ලේකම් ජී.ජී. නිලන්ති වීරසූරිය මෙනවිය  පවසයි.


    රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම බක් මහ උළෙලට එක්වීමට නියමිතය.
     

    සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසක් සමඟ අවුරුදු කුමරා, කුමරිය තේරීමේ තරගය ද මෙහිදී පැවැත්වේ. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රදානය ප.ව. 3.00ට සිදු කෙරෙන බව රත්නපුර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය සඳහන් කරයි.


    ECB/KM/NR/SW_dmu_ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya