අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියට නිර්මාණ භාරගැනීම අරඹයි

    අප්‍රේල් 18, 2014

    රාජ්‍ය හා රාජ්‍ය සේවයට අනුබද්ධ ආයතනවල සේවයේ නියැළි රාජ්‍ය සේවකයන්ගේ නිර්මාණාත්මක කුසලතා ඔප් නැංවීම සහ ඇගයීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියට ජූනි 03 වැනි දිනට පෙර නිර්මාණ ඉදිරිපත් කරන ලෙස සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.


    ගීත රචනා, කෙටි කථා, කෙටි නාට්‍ය, පද්‍ය රචනා, ළමා නිර්මාණ හා චිත්‍ර නිර්මාණ මේ සඳහා ඉදිරිපත් කළ හැකියි. එම සියලු ම නිර්මාණ ලේකම්, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය, 08 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතුයි.

    මේ නිර්මාණ තරගාවලියට අදාළ වැඩි විස්තර දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම දැන ගත හැකි වේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya