මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සඳහා මැයි 20 දක්වා නිර්මාණ භාරගැනේ

    මැයි 05, 2022

    චිත්‍ර කලාව කෙරෙහි දක්ෂතා දක්වන දූ දරුවන් දිරිමත් කිරීමේ අරමුණෙන් පවත්වනු ලබන රාජ්‍ය ළමා චිත්‍ර උළෙල 2022 සදහා නිර්මාණ භාරගැනීම 2022 මැයි මස 20 දක්වා දීර්ඝ කර ඇත.

    නිර්මාණ භාරගැනීම ජාතික කලා භවනේදී සිදුකෙරෙන අතර තැපෑලෙන් එවීමේදී ස්ථානභාර නිලධාරී, ජාතික කලාභවන, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07 යන ලිපිනයට එවිය යුතු අතර චිත්‍ර එවනු ලබන ලියුම් කවරයේ හෝ පාර්සලයේ ඉහළ වම් කෙලවරේ “රාජ්‍ය ළමා චිත්‍ර උළෙල 2022” ලෙස සදහන් කළ යුතුය.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව එක්ව මෙම උළෙල සංවිධානය කර ඇත.

    තරග අංශ 05ක් යටතේ චිත්‍ර තෝරාගන්නා අතර එක් දිස්ත්‍රික්කයකින් නිර්මාණ 150 බැගින් තෝරා එම නිර්මාණකරුවන් දෙවන වටයේ තරග සදහා ඉදිරිපත් කරනු ලබයි. දෙවන වටයේ තරග දිස්ත්‍රික් මට්ටමින් විශේෂ වැඩමුළුවක්ද සහිතව පැවැත්වීමට කටයුතු යොදා ඇත. දෙවන වටයේදී අදිනු ලබන චිත්‍ර අතරින් තෝරාගන්නා නිර්මාණ රාජ්‍ය චිත්‍ර උළෙල - 2022 අවසාන වටය සදහා ඉදිරිපත් කරනු ලබන අතර එහිදී ජයග්‍රහණය කරනු ලබන ළමා සිත්තරුන් වෙත සම්මාන, සහතිකපත් හා මුදල් ත්‍යාග ප්‍රදානය කරනු ලැබේ.

    වැඩි විස්තර දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සංස්කෘතික නිලධාරීන් මගින් සහ https://www.facebook.com/culturaldept.gov.lk/ වෙබ් පිටුවට පිවිසීමෙන් ලබාගත හැකි අතර ලේකම්, රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව - 01122882551/0112872031 දුරකතන අංකයට ඇමතීමෙන් ද දැනගත හැකිය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya