අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය සිනමාවට වසර 75ක්- ජාතික චිත්‍රපට සංස්ථාව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

    ජනවාරි 04, 2022

    එළඹෙන 21 වනදාට ලාංකීය කතානාද සිනමාවට වසර 75ක් සපිරීමත්, ජාතික චිත්‍රපට සංස්ථාව අරඹා වසර 50ක් සපිරීමත් නිමිති ‍‌කොටගෙන සිනමාවේ උන්නතිය උදෙසා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් වැඩසටහන් මාලාවක් සැලසුම්කොට ඇතැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවී ප්‍රසාද් කලුපහන මහතා සදහන් කළේය.

    ඔහු මේ බව පැවසුවේ, ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේදී මෙම සැමරුම් උළෙල පිළිබදව පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    මේ යටතේ එළඹෙන ජනවාරි 10 සිට 16 දක්වා දින 07ක් සිංහල සිනමාවේ සංදිස්ථාන සනිටුහන් කළ චිත්‍රපට 07ක් දිනකට එක බැගින් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී සිනමා ශාලාවේ සෑම දිනකම පස්වරු 05 සිට ප්‍රේක්ෂකයන් වෙත නොමිලේ ප්‍රදර්ශනය කරන බව පැවසූ රවී ප්‍රසාද් මහතා මෙම සිනමා අත්දැකීම ලබාගැනීමට ප්‍රේක්ෂකයින් හට ආරධනය කළේය.

    ජනවාරි 10 සදුදා - ගොලු හදවත, 11 අගහරුවාදා - විරාගය, 12 බදාදා - වල්මත්වූවෝ, 13 බ්‍රහස්පතින්දා - සිකුරුලියා, 14 සිකුරාදා - ගැහැණු ළමයි, 15 සෙනසුරාදා - සුද්දිලාගේ කතාව, 16 ඉරිදා - බඹරු ඇවිත් යන චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙයි.

    සැමරුම් උළෙලේ ඊළග වැඩසටහන වශයෙන් ජනවාරි 21 වනදා අගමැතිතුමන්ගේ ප්‍රදානත්වයෙන් චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී දේශීය සිනමාවට හැත්තෑපස් වසක් පිරීම නිමිති කොටගෙන සැමරුම් උළෙලක් පැවැත්වෙන බවද, එහිදී පැවැත්වෙන දේශනය ප්‍රවීණ කලාකරුවකු වන ජැක්සන් ඇන්තනී මහතා විසින් සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.

    මෙහිදී සිනමාවට වසර 75ක් සපිරීමත්, ජාතික චිත්‍රපට සංස්ථාව අරඹා වසර 50ක් සපිරීමත් නිමිති ‍‌කොටගෙන සමරු මුද්දර ද්විත්වයක් ඒළිදැක්වීමට නියමිත බවද ඔහු අවධාරණය කළේය.

    මෙම අවස්ථාවේදී ලාංකීය සිනමාවට සුවි‌ශේෂී දායකත්වයක් දැක්වූ කලාකරුවෙකු ඇගයීමට ලක්කෙරෙන බවද ඒ අනූව ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ඇගයීමට නියමිතව ඇතැයිද ඔහු කියා සිටියේය.

    පැරණි චිත්‍රපට වල ඇතැම් දර්ශන මෙහිදී සජීවීව රගදැක්වීමට නියමිත බවද, ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පීන් 25 දෙනෙකුට විශ්ශ්‍රාම වැටුපක් ප්‍රධානය මෙන්ම ග්‍රන්ථ 04ක් ප්‍රදානයද ඒහිදී සිදුකිරීමට නියමිත බව ඔහු පැවසුවේය.

    මෙම අවස්ථාවට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා දේශීය සිනමාව පිළිබද පෙරටත් වඩා අවදානය යොමුවිය යුතු කාල පරිච්ඡේදයක් ඒළඹ ඇතැයි කියා සිටියේය.

    දේශීය නිෂ්පාදකයාද රැකගනිමින් කර්මාන්තය ඉදිරියට ගෙනයාමට චිත්‍රපට සංස්ථාව මහා පිටුපහලක් වූ බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    මෙම අවස්ථාවට සම්බන්ධ වූ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට කතිකාචාර්ය ආචාර්ය ධම්මික දිසානායක මහතා ශ්‍රී ලාංකීය සිනමාව ඉතිහාසයේ සිට මේ දක්වා පැමිණි ගමන් මග ඒනම් චනය චිත්‍රයේ සිට මේ දක්වා වූ විකාශනය පැහැදිලි කළ අතර ඒළඹෙන 21 වනදා චිත්‍රපට සගරාවේ පිටු 100කින් යුතු විශේෂ කලාපයක් ඒළදක්වන බවද කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya