අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "බලය සහ බලය" සෙංකඩගල පුරවරට

    අගෝස්තු 28, 2014

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රචනා කරන ලද "බලය සහ බලය" කෘතිය සහ එහි ඉංග්‍රීසි පිටපත "Power & Power" ලබන 31 දින පස්වරු 2.30ට මහනුවර කැන්ඩියන් ආර්ට් අවහන්හල් පරිශ්‍රයේදී (කිංග්ස්වුඩ් විදුහල ඉදිරිපස) එළිදැක්වීමට නියමිතය.


    පසුගියදා කොළඹදී එළිදැක්වීම සිදු වූ අතර අද වන විට විශාල පාඨක ඉල්ලුමක් මෙම ග්‍රන්ථය සඳහා ඇති වී තිබේ. අමාත්‍යවරයාගේ විද්‍යාව, තාක්ෂණය, බලශක්තිය, දේශපාලනය හා පරිපාලනය පිළිබඳ හසල දැනුම හා ලද අත්දැකීම් මුල්කොට ගනිමින් රචිත මෙම කෘතිය පිළිබඳව සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන විද්වත් කණ්ඩායම් අතර සංවාදයක් ද ගොඩනැගී තිබේ.

     

    අමාත්‍යවරයා සතු දැනුම හා ලද අත්දැකීම් බිඳක් අනාගත සුබ සිද්ධිය උදෙසා මානව සමාජය වෙත පිළිගැන්වීම මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ අභිමථාර්ථය වන අතර පාඨක ඉල්ලීම සපුරාලමින් විශේෂ එළිදැක්වීමකින් සෙංකඩගලපුර සහෘද පාඨකයන්ට මෙම ග්‍රන්ථය ලබාදීමට කටයුතු සංවිධානය කොට තිබේ. 

    මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී මහාචාර්ය ශාන්ත හෙන්නායක, කථීකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය සහ ග්‍රන්ථයේ කර්තෘ අමාත්‍ය පාඨලී චම්පික රණවක විද්වතුන් විසින් මෙහි විශේෂ දේශන සිදු කිරීමට නියමිතය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya