මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන්ට රාජ්‍ය කලා උළෙලක්

    අගෝස්තු 28, 2014
    විශේෂ අවශ්‍යතා ඇති (ආබාධ සහිත) තැනැත්තන්ගේ කලා හැකියාවන් වර්ධනය කිරීම, ඒවා ප්‍රදර්ශනය කිරීම හා ඔවුන්ට සමාජ පිළිගැනීමක් ලබාදීමේ අරමුණ ඇතිව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව 2014 සිට වාර්ෂිකව  “විශේෂ අවශ්‍යතා ඇති (ආබාධ සහිත) තැනැත්තන් සඳහා වන රාජ්‍ය කලා උළෙල”ක්  පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මෙම කලා උළෙල දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් පැවැත්වෙන අතර  දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථාන ලබාගන්නා කලාකරුවන් රාජ්‍ය කලා උත්සවය සඳහා සුදුසුකම් ලබන අතර විශේෂ අවශ්‍යතා ඇති (ආබාධ සහිත) තැනැත්තන්ගේ රාජ්‍ය කලා උත්සවය ජාත්‍යන්තර ආබාධිත දිනය වන දෙසැම්බර් 03 වන දින කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
     
    මෙම කලා උළෙල සඳහා ඕනෑම ආබාධිත ශ්‍රී ලාංකිකයෙකුට සහභාගීවිය හැකිය. ‍සියලුම තරග සීමිත, විවෘත හා රෝද පුටු යන ප්‍රධාන අංශ 03 යටතේ පැවැත්වෙන අතර උපතින්ම ආබාධිත තරගකරුවන්ට සීමිත අංශය යටතේ ද, රෝගාබාධ හා අනතුරු නිසා ආබාධිත තරගකරුවන්ට විවෘත අංශය යටතේ ද ඉදිරිපත්විය හැකිය. ප්‍රධාන අංශ තුන යටතේ නර්තනය, සංගීත භාණ්ඩ වාදනය, ගීත ගායනය , බෙරවාදනය, චිත්‍ර නිර්මාණය හා නාට්‍ය නිර්මාණය යන අංශවලින් තරග පැවැත්වේ.
     
    මෙම සුවිශේෂ  රාජ්‍ය කලා උළෙලට සහභාගී විමට කැමති ආබාධිත තරගකරුවන් 2014 සැප්තැම්බර් 15 වන දිනට ප්‍රථම තමන් පදිංචි (ස්ථිර/තාවකාලික) ප්‍රදේශයේ දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශයෙන් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් (www.culturaldept.gov.lk) අයදුම්පත ලබාගෙන සම්පූර්ණ කර තමන් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය වෙත බාරදිය යුතුයි.
     
    මේ පිළිබඳ ව වැඩි විස්තර 0112 872 031 හෝ 0714 445 868 දූරකතන අංකවලින් විමසිය හැකිය.
     
    ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 7%ක් පමණ විවිධ විශේෂ අවශ්‍යතා ඇති (ආබාධ සහිත) පුද්ගලයෝ වෙති. මෙම පුද්ගලයින් අතර විශේෂිත කලා හැකියාවන් සහිත බොහෝ දෙනා  වෙති. විවිධ අබාධ නිසා ඔවුන්ගේ කලා හැකියාවන් වර්ධනය කරගැනීමටත් ඒවා ප්‍රදර්ශනය කිරීමටත් ඔවුන්ට අවස්ථාවක් නොමැත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya