අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියට ලෝකඩ සම්මානයක්

    අගෝස්තු 26, 2014
    2014 කෘෂි ව්‍යාපාර හා ගොවි සම්මාන උළෙලේදී මහා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා ලබා දෙන ලෝකඩ සම්මානය ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියට හිමි විය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂි ව්‍යාපාර මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගිය සෙනසුරාදා පැවති අ.ර එයට ශ‍්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාරයට සම්බන්ධ ආයතන රැසක් සහභාගී වූහ.

    මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික ව්‍යාපාරයක් වශයෙන් කෘෂිකර්ම නිෂ්පාදන අලෙවි කිරීම, ඒවා සකස් කිරීම සහ පාරිභෝගිකයින්ට ඒවා අවම මිල ගණන් යටතේ ලබා දීම හා ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය ශ‍්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය ආදී කරුණු සලකා බලා මෙම සම්මානය ලබා දී ඇත.

     

    ජාතික කෘෂි ව්‍යාපාර මණ්ඩලයේ සභාපති රෝහිත නානායක්කාර, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.බී.ටී. විජේරත්න, ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (අලෙවි) ඉඳුනිල් වැලිගමගේ හා අලෙවි නිලධාරි අයි.ඒ.බී. මඩුගල්ලේ යන මහත්වරුන් මේ අවස්ථාවට සහභාගී වුහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya