අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන සදහා ග්‍රන්ථ භාරගැනීම ඇරඹෙයි

    පෙබරවාරි 12, 2021

    බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවයේ සම්මාන සදහා සමීක්ෂණයට ග්‍රන්ථ භාරගැනීම අරඹා ඇත.

     

    මේ සදහා ග්‍රන්ථ භාරගැනීම 2021.03.31 වන දින දක්වා සිදුකෙරේ. 2020 වසරේ පළමු වරට මුද්‍රණ ද්වාරයෙන් පළ කළ ග්‍රන්ථ මේ සදහා භාරගන්නා අතර, එම ග්‍රන්ථයේ පිටපත් දෙකක් තැපැල් මගින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ගෙනැවිත් භාරදිය හැක.

    ග්‍රන්ථ තැපැල් මගින් එවීමේදී සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාරතමේන්තුව, 08 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලියුම් කවරයේ වම් කෙලවරේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය සදහා පොත් භාරදීම යනුවෙන් සදහන් කළ යුතුය.

    මේ පිළිබද වැඩි විස්තර 011 3657094 , 011 2872030 , 011 2872031 යන දුරකතන අංකයන්ගෙන් හෝ www.culturaldept.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya