අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2021 ජාතික අත්පිටපත් තරඟයට අයදුම්පත් භාරගැනේ

    ජනවාරි 22, 2021

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂයේදී උසස් ප්‍රමිතියකින් යුත් නවකතා, කෙටිකතා, පද්‍ය සංග්‍රහ, ළමාකතා, ඉතිහාසය, සංස්කෘතිය, පුරාවිද්‍යාව, නාට්‍ය කලාව, සෞන්දර්ය, ජනශ්‍රැතිය, නර්තනය, සංගීතය, චිත්‍ර හා මුර්ති, සිනමා, ඡායාරූප යන  විෂයයන්ට අදාළ ශාස්ත්‍රීය හෝ පර්යේෂණ නිර්මාණ රාජ්‍ය මට්ටමින් ප්‍රකාශයට පත්කර එම නිර්මාණ ක්ෂේත්‍රවල නිරතව සිටින “නවක ලේඛක ලේඛිකාවන්” දිරිමත් කිරීම අරමුණු කොටගෙන ජාතික අත්පිටපත් තරගයක් සිංහල,  දමිළ හා ඉංග්‍රීසි  මාධ්‍යයන්ගෙන්  සංවිධානය කිරීමට තීරණය කර ඇත.

    මේ සදහා නිර්මාණ භාරගැනීම මාර්තු මස 10 වෙනි දිනෙන් අවසන් වේ. එම නිර්මාණ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව (ප්‍රකාශන අංශය), 08 වෙනි මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල, යන ලිපිනයට ගෙනැවිත් භාරදිය යුතුය.

    අත්පිටපත් බහා එවන කවරයේ ඉහළ කෙළවරේ “ජාතික අත්පිටපත් තරගය 2021” යනුවෙන් සදහන් කළ යුතු අතර මේ පිළිබද වැඩිපුර විස්තර 011-2882667 යන දුරකතන අංකයෙන් හෝ www.culturaldept.gov.lk  යන වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිය.  

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya