මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය සිනමාවට වසර 74යි- චිත්‍රපට සංස්ථාවේ නව සංස්කරණ මැදිරිය ටයිටස් තොටවත්තයන්ගේ නමින් විවෘත වෙයි

    ජනවාරි 21, 2021

    දේශීය සිනමාවට වසර 74ක් පිරීම සහ චිත්‍රපට සංස්ථාවට වසර 49ක් සපිරීම පෙරදැරිව දේශීය සිනමා වංශකතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් චිත්‍රපට සංස්ථාවේ නවීකරණය කරන ලද නව සංස්කරණ මැදිරිය සහ පසු නිෂ්පාදන ඒකකය ප්‍රවීණ සිනමා කලාකරු ටයිටස් තොටවත්තයන්ගේ නමින් අද දින (21) පෙරවරු 10 ට යෙදුණු සුභ මොහොතින් දළුගම සරසවි චිත්‍රාගාරයේදී විවෘත කෙරිණි.

    මෙම මැදිරි සංකීර්ණය විවෘත වූයේ ටයිටස් තොටවත්තයන්ගේ පුත්‍රයා වන විනිසුරු දමිත් තොටවත්ත මහතා, චිත්‍රපට සංස්තාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්, සිනමාවේදීන් හා කලාකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගීත්වයෙනි.

    පටලපට සිනමාවේ දීප්තිමත් පසු නිෂ්පාදන ඒකකය ලෙස පැවති දළුගම සරසවි චිත්‍රාගාරයේ නූතන ඩිජිටල් යුගයට පරිවර්තනය වෙමින් සිදුකළ මෙම නව එළඹුම තුළින් සිනමාලෝලීන්ගේ බලාපොරොත්තු මල්පළ ගැන්වෙන අතරම ඔවුන්ගේ රසවින්දනයේ නිම් වළලු පුළුල් වනු නොඅනුමානය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya